කෝටි ගණන් පාඩු ලබන තැපෑල සමුළුවට ලක්‍ෂ 27ක්‌ වැය කරයි

Published in පුවත්
Tuesday, 11 November 2014 10:25
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් හයදහසකගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති සමුළුවක්‌ සඳහා ආහාරපාන ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් විසිහත් ලක්‍ෂ හතලිස්‌ දහසක මුදලක්‌ වැය කර අැති බව වෘත්තීසමිති නායකයෝ පවසති.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ  2014 වසර තුළදී පමණක්‌ තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 200 කට අධික වාර්තාගත පාඩුවක්‌ ලබා තිබියදී මෙවැනි සමුළුවක්‌ සඳහා මෙතරම් විශාල මුදලක්‌ වැය කරමින් මහජන මුදල් කාබාසිනියා කිරීම දැඩි ලෙස හෙළාදකින බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ. 
 
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තැපැල් සේවකයෝ මෙසේ  පැවසූහ.
 
තැපැල් දෙපාර්තමේන්තුව දවල් ආහාරය සඳහා කෑම පැකට්‌ හයදාහක්‌ සහ රාත්‍රි කෑම සඳහා කෑම පැකට්‌ හයදාහක්‌ ලෙස කෑම පැකට්‌ 12000 ක්‌ පුද්ගලික ආයතනයකින් මිලදී ගෙන තිබෙනවා.
 
දවල් ආහාරය සාකච්ඡාවට සහභාගිවීමට පෙර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය, තැපැල් මූලස්‌ථාන ගොඩනැඟිල්ල සහ කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතන යන ස්‌ථාන තුනේදී ලබාදී තිබෙනවා.
 
මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේදී තැපැල් සේවකයන්ට දවල් ආහාරය ලෙස ලබා දී තිබෙන්නේ පිළුණු වුණු ආහාරයි. මේ නිසා කෑම පැකට්‌ දාහකට අධික ප්‍රමාණයක්‌ ආහාරයට නොගෙනම විසිකර දමා තිබෙනවා.
 
සාකච්ඡාවෙන් පසු රාත්‍රි ආහාර වේලත් නිසි ලෙස ලබා දී නැති අතර මේ නිසා ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණ සිටි තැපැල් සේවකයන්ගෙන් විශාල පිරිසකට බඩගින්නේම ආපසු යන්න සිදුවී අැත.
 
මේ මහා වංචාව පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව තැපැල් වෘත්තීය සමිති නායකයෝ කියා සිටියහ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us