මගේ ජීවිතයට මරණ තර්ජන-අම්පිටියේ සුමනරතන හිමි

Published in පුවත්
Tuesday, 11 November 2014 10:11
මඩකළපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තමන්ගේ ජීවිතයට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. 
යම් දෙයකින් තමන්ගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් මඩකළපුව පොලිසිය වගකිව යුතු බවද පැමිණිල්ලේ සඳහන් කළ බව උන්වහන්සේ සඳහන් කර තිබේ. 
 
සුමනරතන හිමියන්ට අරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් තිදෙනෙක් සිටි අතර ඔවුන් රාජකාරි නිසි ආකාරයෙන් ඉටු නොකළ බව කියමින් නැවත පොලිසියට යන ලෙසට පසු ගිය මස 20 වන දින සුමනරතන හිමියන් එම නිලධාරින්ට දැනුම් දී ඇති බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර සිටී.
 
එදින සිට විහාරස්ථානයේ ආරක්ෂාවට කිසිම නිලධාරියෙක් යොදවා නැති බව ද තමන්ට නැවතත් ආරක්ෂාවට පොලිසි නිලධාරින් ලබා දෙන ලෙසද පැමිණිල්ලේ සඳහන්ව ඇත. 
 
යුද්ධයෙන් බැට කෑ මඩකළපුව දිස්ත්‍රීක්කයේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තමන්ට මරණීය තර්ජන පවා එල්ල වී ඇති බවට උන්වහන්සේ පවසා ඇත. 
 
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම විහාරස්ථානයට ආරක්ෂාව සලසා දෙන ලෙසට ලිඛිතව දන්වා තිබියදීත් ආරක්ෂක අංශ තමන්ට ඇති තර්ජනයද දැක දැක නිහඬව සිටීම පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව සුමනරතන හිමියන් පවසා තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us