ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාව- ඌව පරණගම දී

Published in පුවත්
Tuesday, 11 November 2014 10:37

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාවක් අද 2014 නොවැම්බර් 11 දින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

මැතිවරණ දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන මහජනතාව දැනුවත් කිරීමේ සතියට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ කැෆේ සංවිධානය මගින් ජංගම සේවාවන් ගණනාවක් සංවිධානය කොට ඇත.

වැඩසටහන යටතේ ජංගම සේවාවන් පැවැත්වෙන ස්ථාන මෙසේය.
2014 නොවැම්බර් 11 පෙ.ව. 9 ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
නොවැම්බර් 12 පෙ.ව. 9 හාලි ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
නොවැම්බර් 13 පෙ.ව. 9 හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2014 ඡන්ද හිමි නාමලේඛණයට අනුව ඉදිරියේ දී පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලැබූ පුද්ගලයින් ලක්ෂ 4 කට ඉදිරි මාස දෙකක කාලය තුල හැදුණුම්පත් ලබාදීය යුතුව ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ දී නොවැම්බර් 10 දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සහ මැතිවරණ නිරීක්ෂකයින් පැවැත්වූ සාකච්ඡාවේ තීරණය වූවේ මේ සදහා දිවයින පුරා ජංගම සේවාවන් පැවැත්වීමටය.

බදුල්ල දිස්ත්‍රික්කයේ අදියර තුනකින් ජාතික හැදුණුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්යේ 9800 දෙනෙකුට හැදුණුම්පත් ලබාදීමට කැෆේ සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

සායනයේ දී හැදුණුම්පත් ලබාදීම සදහා මුද්දර ගාස්තු, ඡායාරූප සදහා යන වියදම්, සහ උප්පැන්න සහතික ලබාදීම සදහා යන වියදම් ද කැෆේ සංවිධානය විසින් දරනු ලබයි. ජනතාවට අවශ්‍ය සියලු සේවාවන් අද දින නොමිලේ සපයන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us