තෙවරක් ජනපති වෙන්න පුළුවන් හැඩයි!

Published in පුවත්
Tuesday, 11 November 2014 10:56

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට පෙනී සිටීමට නීතිමය වශයෙන් බාධාවක් ඇත්ද යන්න පිළිබඳ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව හෙතෙම සඳහන් කළේය.

තමාට තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවට ඇතැමුන් විසින් කරන ප්‍රකාශ හේතුවෙන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලදී.
ජනාධිපතිතුමාට තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරයට තරග කළ හැකිද, දෙවැනි වතාවට පත්වී වසර 04 ක්‌ ගතවුණාට පසුව ජනාධිපති මැතිවරණයක්‌ කැඳවිය හැකිද යන්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් යොමුකළ ප්‍රශ්න දෙකයි.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තෙවැනි වරට ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකිද යන්න පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිතුමාට යොමු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ ජනාධිපතිතුමා කළ යොමුකිරීම අනුව මෙම මත විමසුම දස පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කරුණු සළකා බලා තිබේ.
ප්‍රවීණ නීතිවේදීන් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපුසභාපති, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපුනියෝජ්‍ය සභාපති, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේහිටපු සභාපති ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපුනියෝජ්‍ය සභාපති සහ ලේකම්, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරු සියලිඛිත දේශන මඟින් මේ බව තහවුරු කර තිබේ.

හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ගෝමීන් දයාසිරි, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ශ්‍රී ලංකා නීතිඥසංගමයේ හිටපු භාණ්ඩාගාරික, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්වරුන් මෙන්ම ජනාධිපති නීතිඥවරුන් වන එම්.එම්.සුහයිර්, ආචාර්ය ජයතිස්ස ද කොස්තා, ඩබ්ලිව්දයාරත්න, , ඩී.පී මෙන්ඩිස්, අනිල් සිල්වා, කුෂාන් ද අල්විස්, කුවේරා ද සොයිසා, චන්දන ලියනපටබැඳි යන ප්‍රවීණයෝ ද ජනාධිපතිවරයාට තෙවැනි වරටත්ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කරති.

18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පෙර එමපනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමු කර මතය විමසා සිටි අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.‍ ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් තරග කිරීම ව්‍යවස්ථානුකූල මෙන්ම සර්ව සාධාරණ බවත් මෙම නීතිවේදීහූ සිය පෙත්සම් මඟින් තහවුරු කර තිබේ.

තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය මතය ලිඛිත දේශන මඟින් ඉදිරිපත් කරමින් මෙම නීතිවේදීහූ මේ බව ප්‍රකාශ කරති.

එම මත විමසීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට උනන්දුවක් දක්වන පුද්ගලයන් හා පාර්ශ්ව වෙතොත් ලිඛිත කරුණු ගොනු කරන ලෙස දන්වා සිටි අතර ජනාධිපතිතුමාට තෙවැනිවරටත් තරග කළ හැකි බව සඳහන් කරමින් පෙත්සම් 32කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us