subash

subash

රටේත් ජාතියෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් වැදගත්ම ලියවිල්ල වන ව්‍යවස්ථා සංශෝධනය ආවට ගියාට, කඩිකුලප්පුවට, මැතිවරණ ළං වන විට කළ හැකි දෙයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පුටින් ඝාතන තැතක්

Published in විදෙස්
Friday, 14 November 2014 20:08
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සහයක තොරතුරු සැලවීම මත වහාම  ඕස්ටේ‍්‍රලියානු වෙරළ ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ නාවික බලය තර කරන ලෙසට රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නාවික හමුදාව වෙත නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කෙරුණු මැලේරියා මර්දන ව්‍යාපෘතියක ඉසීම් යන්ත‍්‍ර කි‍්‍රයාකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් පිරිසක් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී අද (14) උදෑසන සත්‍යග‍්‍රහයක නිරත වුයේය.

පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමය. නමුත් ඊට එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza) විසින් හදුන්වා දී ඇත. මෙය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැකිය. මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය ඒවා බවට පත්වනු ඇත.

කිසිම දේශපාලන පක්ෂයකට නොයන මුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට කැපවන බව බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුරපති පදවියෙන් ඉල්ලා අස්වූ නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසුවේය.

දැඩි මතභේදයකට තුඩුදී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දීම සලකා බැලීම තවත් මාස හයකින් කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ යළිත් නායයාමේ අවදානමක් මතුව තිබේ.
මාරාන්තික එබෝලා වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ පැනවුණු හදිසි නීතිය ඊයේ ඉවත් කෙරුණි.

54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ රට නියෝජනය කළ‚ 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය. පසුගියදා ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා‍වෙයි.

Connet With Us