බලං‍ගොඩ නගරාධිපති ගෙන් සිසුන්ට තර්ජන

Published in පුවත්
Monday, 10 November 2014 15:09
අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ වැඩසටහන බලංගොඩ නගරයේදී අද ආරම්භ කළ අවස්ථාවේ එහි පැමිණි බලංගොඩ නගරාධිපතිවරයා ඇතුළු මැරයින් පිරිසක් එම බැනරය කඩා දමා සිසුන්ට තර්ජනය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  පවසයි.
‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු නජිත ඉන්දික මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද පෙරවරුවේ වූ සිද්ධිය මෙසේ විස්තර කරයි. 
 
 ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍                               අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා බැනරය බලංගොඩ නගරාධිපති සහා ඔහුගේ මැරයන් විසින් ගලවා දමයි. 
 
අධ්‍යාපනය විකිණීම නවතනු!
මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසැල් තුළ සිදු කරන මුදල් අය කිරීම නවතනු!
සරසවි තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු!
 
 
යන සඨන් පාට මුල් කරගනිමින් රට පුරා නගර දැනුවත් කරමින් විරෝධතා බැනරය අත්සන් කිරීම පසුගිය 4 වන දින කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලදී. අද දින බලංගොඩ නගරයේ හා අම්බලන්තොට නගරයේ මෙම බැනරය අත්සන් කිරීම සිදු කරයි. 
 
අද දින(10) බලංගොඩ නගරයේ විරෝධතා බැනරයේ අත්සන් කරන අවස්ථාවට බලංගොඩ නගරයේ නගරාධිපති නිමල් ගාමිණි වීරසූරිය ඔහුගේ මැරයන් සමඟ පැමිණ එම බැනරය කඩා ඉවත් කර දමා සිසුන්ට තර්ජනය කොට ඇත. ඔහු පැමිණ ඇත්තේ බලංගොඩ පොලිසිය විසින් නිකුත් කළ ලියුමක්ද සමඟ වේ. එම ලිපියේ කරුණු 2ක් සඳහන් කර තිබූ අතර ජනතාවට පිඩා වන අයුරින් සිදු කරන්නේනම් හා ආණ්ඩු විරෝධී වැඩ කරන්නේනම් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට නගරාධිපතිට බලය ලබා දෙන බවයි. 
 
බලංගොඩ නගරාධිපතිගේ මෙම මැර ක‍්‍රියාව ඉතා පැහැදිලිව පොලිසියේ සෘජු මැදිහත් වීම මත සිදු වන්නක් වේ. ඒ බව පොලිසිය මගින් ලබා දුන් ලිපිය මගින් පැහැදිලි වේ. මෙම සඳහන් වන නීතිය කොහේ තිබූ නීතීයක්ද බව අපට ඇසීමට ඇත. මෙලෙස පොලිස් බලතල සිවිල් පුද්ගලයන්ට ලබා දෙන්නේ කුමන පදනමකින්ද බවත් අපට ඇසීමට ඇත. 
 
 
නජිත් ඉන්දික
(කැඳවුම්කරු)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us