ඔබෙලිස්ක් කුළුණට කොන්ඩමයක් පළදවයි

Published in අනං මනං
Monday, 10 November 2014 15:15
ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි  නුවර  ඓතිහාසික  ඔබෙලිස්ක්  කුළුණට   මීටර්  18ක්  දිග  රෝස  පැහැති  දීප්තිමත්  කොන්ඩමයක් පළදවා අැත.
දෙසැම්බර්  පළමු වනදාට  යෙදෙන  ලෝක  ඒඩ්ස්  දිනයට  සමගාමීව කෙරෙන  ජනතාව  දැනුවත්  කිරීමේ  වැඩසටහනේ  එක්  පියවරක්  ලෙස  මෙය  සිදු  කර  ඇත.
 
වසර  විස්සක්  තුළ  වාර්තා  වන  ඉහළම  ඒඩ්ස්   රෝගීන්  සංඛ්‍යාව  ඕස්ට්‍රේලියාවෙන්  වාර්තාවූයේ  2013  වසරේදීය. 
 
ඔබෙලිස්ක්  කුළුණට මෙවැනි  කොන්ඩමයක්  පැළඳවීමෙන්  ඔවුන්  අදහස්  කර  ඇත්තේ  HIV  වෛරසය  පැතිරීම  වැළැක්වීම  සඳහා  කොන්ඩමයක්  පැළඳීමේ  වැදගත්කම  හුවා  දැක්වීම  බව  නිව්සවුත් වේල්සයේ  AIDS  කවුන්සිලයේ  ප්‍රකාශකයෙක්  සඳහන්  කර  ඇත.

 

Last modified on Monday, 10 November 2014 20:13

Connet With Us