subash

subash

පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ පැවැසීය.

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා අද සමත් වුයේය.
2015 අයවැයෙන් තේ වතු ආශ‍්‍රිතව රැකියාවේ නියතුවූවන්ට වැටුප් වැඩිකිරීමක් හෝ වෙනත් කිසිදු වරප‍්‍රසාදයක් නොලැබුනු බව පවසමින් හැටන් ස්ටැඩන් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් කළු පටි පැළඳ අද (13) දහවල් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී විරෝධතාවයක නියැලුණි.
මියන්මාරයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සමගාමීව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව ඊයේ(12) මුණ ගැසී අැත.

ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇතුළත් වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස විපක්ෂය අද ඉල්ලීමක් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව සහ දෙවන ධුර කාලය අවුරුදු 4 සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සභා ගත නොකිරීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පැවැත්වූ සමුළුවට බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහභාගී වූයේ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් නොවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසිය. 

දැන් වැඩේ ✓හරි වගේ !

Published in පුවත්
Thursday, 13 November 2014 12:49

මංගල සමරවීර ආණ්ඩුවට යයිද? නොයයිද? කියන ප්‍රශ්නයක්  පසුගිය දිනවල බොහෝ දෙනෙක් අතර තිබිණ. 

එක්සත්  රාජධානියේ ප්‍රමුඛතම  ගීත  දර්ශකය ' Music  Week  Chart 'ය.  මේ  වනවිට  එහි  20 වන  ස්ථානයට  පත්  වී  ඇත්තේ  ලාංකික තරුණියකගේ  ගිතයකි.  එම ගීතය  ' Free '  නමින් හඳුන්වයි.  ගීතයේ  හිමිකාරිය  වන්නේ  ලංකාවේ  ප්‍රවීණ  සිනමා  රංගන  ශිල්පිණියක  වන  ජීවරාණි  කුරුකුලසූරියගේ  දියණිය  වන  සේනානි  විජේසේනය.

මොරිටානියානු ජනාධිපති මොහමඩ් අවුද් අබ්දල් අසිස් මහතා අද (13දා) දිවයිනට පැමිණීමට නියමිත බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Connet With Us