subash

subash

මේ වසරේ ගෙවුණු කාල සීමාව තුළ හදිසි අනතුරුවලින් පුද්ගලයින් 1972ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා  පවසයි.
කොළඹ  - ඩුප්ලිකේෂන් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලක සිල්වා ඇතුළු සැකකරුවන් 7 දෙනා මේ මස 25 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර අැත.
ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණී ශලිනි තාරකාගේ ගේ උපන්දිනය (16) දාට යෙදී තිබුණි.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත රටේ මහජනතාවට ඇති ප්‍රවේශය අවහිර කරමින් අන්තර්ජාල සේවා සපයන්නන් විසින් වක්‍ර ආකාරයෙන් සිදුකරන වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බැවින් එම අවහිර කිරීම් වැළැක්වීමට මැදිහත් වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීමට කැපවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් නිල තීරණය අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

විවිධාකාරයේ අාදර කතා අැසෙන වකවානුවක බලහත්කාරයෙන් හෝ අාදරය ලබා ගැනීමට යත්න දරන්නන් විරළ නොවේ. එවිට එය අාදරයක් නොව හිරිහැරයක් බවට පත්වේ. 

බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද හම්බන්තොට එල්ලූම්ගස සහ මුරකුටිය සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තමාට තනිව තීන්දුවක්‌ ගත නොහැකි බවත් එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර ප්‍රකාශයට පත් කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ට දැනුම් දී ඇත.

ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා පවසයි.

Connet With Us