රෝහිත් ශර්මා වාර්තා පිට වාර්තා තබයි

Published in පුවත්
Thursday, 13 November 2014 20:46
එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමා සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා අද සමත් වුයේය.
ඒ, ශී‍්‍ර ලංකාව සමග දැන් පැවැත්වෙන සිව් වන එක් දින කි‍්‍රකට් තරගයේදීය. ෂර්මා අද තරගයේ ලකුණු 264 ක් රැස් කළ අතර ඒ සදහා ඔහු වැය කළේ පන්දු 173 කි. ඊට හයේ පහර 9 ක් සහ හතරේ පහර 33 ක් ඇතුළත්ය. රෝහිත් ෂර්මා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 72 කදීය.
 
ශතකය වාර්තා කිරීමට පන්දු සියයක් වැය කළ ඔහු පන්දු 125 කින්  ලකුණු 150 ක් රැස් කළේය. ෂර්මා සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 151 කදීය. තවත් පන්දු 15 කදී ඔහුට ලකුණු 250 සීමාව පසුකර යාම විශේෂත්වයකි. මීට පෙර ලොව වැඩිම එක්දින ලකුණු ලාභියා වුයේ ඉන්දියාවේම විරේන්ද්‍ර ෂෙවාග්ය.ඔහු ලබාගෙන තිබුණේ 219 කි.
 
රෝහත් ෂර්මා අද දිනයේදී තවත් කි‍්‍රකට් වාර්තා දෙකක් පිහිටුවීමද විශේෂත්වයකි. එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්වීම ඉන් පළමු වාර්තාවය. මීට පෙර ෂර්මා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 209 ක් රැස්කර ගෙන සිටියේය. එක්දින තරගයකදී ලකුණු 250 සීමාව පසු කළ ලොව පළමු කී‍්‍රඩකයා වීම ෂර්මා පිහිටවු තවත් වාර්තාවකි.  
 
අද තරගයේදී රෝහිත් ෂර්මා ලබාදුන් උඩ පන්දු 4 ක් ශී‍්‍ර ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.
තරගයේ කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 404 කි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us