නිමල් සිරිපාල ඇමතිවරයා පෙරේදා (11) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ ලේඛනයක් කියවීය. එහිදී ඇමතිවරයා සඳහන් කළේ දස පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මණ්ඩලය ඒකමතිකව මෙම මතය ප්‍රකාශ කර ඇති බවය.
විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කර සිටියේ එම ලේඛනය සභා ගත කළ යුතු බවය. මේ දක්වා එය ඉටු කර නැත.
විනිසුරුවරුන් දසදෙනාම ඒකමතිකව මෙම මතය ප්‍රකාශ කළ බව පිළිගත නොහැකියැයි නීතික්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මතය හෝ වනත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් හෝ ලබාදෙන තීන්දුවක් අධිකරණය කෙරෙහි නිසි ගෞරව දක්වමින් විවේචනය කිරීමේ සම්පූර්ණ අයිතිය පුරවැසියන්ට හිමි බව නීතිවේදීහු පෙන්වා දෙති.
ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මතය පිළි නොගන්නා බව ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව සහ දෙවන ධුර කාලය අවුරුදු 4 සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සභා ගත නොකිරීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

