එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කර සිටියේ සභානායකවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයක මතය ඇතුළත් ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් කිරීම නීති විරෝධී බවයි. ඔහු පෙන්වා දෙන්නේ කතානායකවරයා විසින් එම කටයුත්ත සිදු කළ යුතුව තිබූ බවයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සමාගමීවයි මෙම කතාබහ ඇති විය.
ජනාධිපතිවරයාට තෙවන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
විපක්ෂයේ නියෝජිතයින් දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටියේ එවැනි මතයක් සභා නායකවරයෙකු විසින් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවයි. ඊට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂයේ නීති තර්කය ප‍්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මෙහිදී කතානායකවරයාට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් පිටපත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වෙත බෙදා දෙන ලෙසය. ඒ පිළිබඳ අවධානය යොමු කළ කතානායකවරයා ඊට පහසුකම් සැළසීමට පොරොන්දු විය.
ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇතුළත් වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස විපක්ෂය අද ඉල්ලීමක් කළේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

