subash

subash

විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සැළසුම් කර ඇත.

ගම්පොළ නගරාධිපති, එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඊයේ (15) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ජනාධිපතිවරණයේදී එතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරීමට කැප වී කටයුතු කරන බව පැවසීය.

හත්වැනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය ලබන බදාදා (19 ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

අන්තර්ජාල වෙබ් අඩවි වාරණය කරනු ලැබීම නතර කිරීම සඳහා නෛතික මට්ටමින් පියවර ගනු ලැබීමට ඇති ඉඩකඩ සීමා වී ඇති තත්වය හමුවේ එම අසාධාරණය පාලනය කර ගැනීමට දේශපාලනමය මැදිහත් වීමක් අවශ්‍ය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

අද ප‍්‍රශ්නය එයයි. ‘පොදු අපේක්ෂකත්වය’ ගැන කතා කරන විවිධ කොටස් අතර ඇති බව පෙනෙන්නේ, පොදු අපේක්ෂාවක් නොව, පුද්ගලබද්ධ අපේක්ෂාවන් ය. එම පුද්ගලබද්ධ අපේක්ෂාවන් ‘පොදු අපේක්ෂාවේ’ නාමයෙන් සමාජගත කර ගැනීමේ පරිසරය සකස් කරගන්නා එක ක‍්‍රමයක් වන්නේ, ‘අවම අපේක්ෂාව’ සහ ‘උපරිම අපේක්ෂාව’ අතර සීමා ඉර හැකි තාක් බොඳ කිරීමට කටයුතු කිරීමයි.

ගණිතය ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම බස්‌නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14 වැනිදා) පවරන ලදී.

ලබන අපේ‍්‍රල් මාසයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් තම විශ‍්‍රාම වැටුප අහිමි වන නිසා ඊට පෙර එය විසුරුවා හැරීමෙන් වලකින්නැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඉදිරි ජාතික මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති සියඵම ඡන්දදායකයින් වෙත හැදුණුම්පත් ලබාදීම ඉලක්ක කොට ගත් ජංගම සේවා මාලාවක් 2014 නොවැම්බර් 15 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.
 
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 15, 200 කට ආසන්න පිරිසකට ජාතික හැදුණුම්පත් නොමැති බව පසුගිය දා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ), ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී අනාවරණය විය. 

''පසුගිය 7වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්  රහස් ලේඛණ ගැන පසුගිය ඉරිදා (09) 'ඔබ්සර්වර්' පත්තරේ තියෙනවා කවුද, කවුද ෆයිල් කළේ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. ඉරිදා නෙවෙයිනේ පත්තරේ ගහන්නේ.

'වැඩකළත් වැඩක් නැහැ'

Published in පුවත්
Saturday, 15 November 2014 11:00

කැපවීමෙන් වැඩකරන කිසිවෙකුට ඇගයීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රිලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 

ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හොඳම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇගයීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Connet With Us