subash
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක් අත් කර දුන් ඉන්දීය සංචාරයේ වගකීම තමා භාර ගන්නා බව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මෙම වසරේ 20වන වතාවටත් සංවිධානය කරන”මාගේ දේශය අවදි කරනු මැන” සාහිත්‍ය උළෙළ සංවිධානය කිරීමට පරිපාලනය බාධා එල්ල කර ඇති බව මහා ශිෂ්‍ය සංගමය නිවේදනයකින් මගින් සදහන් කරයි.
ඉන්දියාව මේ දිනවල ඉබෝලා රෝග මර්දනයට කඩිනමින් සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ.
ඔස්ට්‍රේලියාවේ බිලියනපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා සූදානමින් සිටී. ඔහු ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සකාච්ඡා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
තමන් මේ වන විට රජය සමග කිසිඳු සබඳතාවයක් නොමැති ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු බවට පත්ව ඇතැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේය.
