සුගතදාස පථය ආපසු මකබාස්ලාටම හදන්න දෙයි

Published in පුවත්
Friday, 07 November 2014 13:21

රුපියල් මිලියන 113ක වියදමින් ඉදිකළ සුගතදාස ක්‍රිඩංගනයේ ධාවන පථය පළමු ශ්‍රේණියේ ධාවනපථයක් බවට සහතික ලබාතිබියදී එහි තැනින් තැන පළුදු වී ගොස් ධාවන පථය විනාශයට පත් වූ අතර මේ අනුව අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා කොට සිටියේ පථය ඉදිකළ විදේශීය සමාගමටය.


එහෙත් අදාළ ආයතනය විසින් පවසා සිටියේ තමන් ඉදිකළ ධාවන පථය පුහුණුවීම සදහා ඉදිකළ එකක් නොවන බවත් එය විනාශවීමට හේතුව නඩත්තු කටයුතු නිසි පරිදි සිදුනොවීම හේතුවෙන් බවද සදහන් කර සිටි.

තත්වයන් මෙසේ පවතිද්දී අබලන් වූ ධාවන පථය ඉදිකිරීම සදහා නැවත පත්කොට ඇත්තේද පෙරකී සමාගමටම වන අතර ඒ පිළිබදව අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයා සදහන් කොට සිටියේ මෙම ඉදිකිරීම් සමාගම විසින්ම අදාල සකස් කිරීම කළ යුතු වන්නේ ඔවුන්ට තවත් මිලියන 30ක මුදලක් ගෙවීමට තිබීමත් අදාළ ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුවත් භාවය මෙහිලා ප්‍රයෝජනවත් වනු ඇති බවත්ය.

කෙසේ නමුත් මහින්දානන්දගේ මෙම ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් ප්‍රතිශේප කරනු ලැබුවේය. ඒ ඊට විදිමත් පරීක්ෂණයක් හෝ නොපවත්තා යළි එම සමාගමට ලබා දීම කළ නොහැකි බැවිනි. මෙම හේතුව හා ඇමැතිවරයාට නව වාහනයක් ලබා ගැනීම සඳහා කළ ඉල්ලුමද හිටපු ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේපකරනු ලැබූ අතර ඉන් පසුව සිදුවූයේ ලේකම් වරයාව අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම සිදු විය. මීට බල පෑ අනෙක් ප්‍රධාන හේතුව වූයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරියගේ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සූදානම් වීමය.එය ඇමැතිවරයාට පෞද්ගලික මට්ටමින් බලපෑ සිදුවීමක් වී තිබිණි.

වත්මනෙහි අමාත්‍යාංශ ලේකම් දුරය හොබවන්නේ මේජර් නන්ද මල්ලවආරච්චි මහතාය. ඔහු
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයා වන අතර ඔහු මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා පිනවන තීන්දු තීරණ ගැනීමට පෙළබීම ඔහුගේ මේජර් පට්ටමටවත් තරම් නොවන බව අමාත්‍යාංශ සේවකයෝ පවසති.

මේ අතර මෙවැනි තත්වයක් තුළත් යළිත් සුගතදාස පථය ගොඩනැගීමට අදාල වි දේශිය සමාගමටම ලබාදීමට විරෝධය දක්වා සුගතදාස ඉහල පාලනාධිකාරිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදී ඇති බවද වාර්තාවේ.

සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කළ දේශීය නියෝජිත ආයතනයේ ප‍්‍රකාශකයකු සදහන් කර ඇත්තේ මුළු ධාවන පථයේ මීටර 40 ක පමණ ප‍්‍රදේශයක කඩතොළුවීම් හඳුනාගෙන තිබෙන බවය. ධාවන පථයට සම්බන්ධ වන දුර පැනීම ඉසව්ව සඳහා යොදා ගන්නා ප‍්‍රදේශයේද කඩතොළුවීම් කීපයක් හඳුනාගෙන තිබෙන බැවින් එම ප‍්‍රදේශයේද අලූත්වැඩියාවක් කළ යුතු බවද සදහන් කර සිටියේය.

එසේම අදාළ දේශීය නියෝජිත ආයතනයේ අදහස වන්නේ ධාවන පථයේ හානිවීම් වලට හේතුව එහි සීමා රහිත පාවිච්චිය බවයි. කෘත‍්‍රිම ධාවන පථය ඉදිකළේ තරඟ ධාවන පථයක් ලෙස වුවත් එය පසුව පුහුණු ධාවන පථයක් ලෙස යොදා ගැනීමත් නිසි නඩත්තුවක් නොමැතිවීම මෙයට හේතුව වශයෙන් වැඩිදුරටත් පවස සිටී.

(theindependant)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us