නායකයෙක් නැති අන්තර්වාර රජයක්!

Published in පුවත්
Friday, 07 November 2014 14:25

අප්‍රිකාවේ  බුරිකිනාෆාසෝ රාජ්‍යයේ පවතින අස්ථාවරත්වය සමනය කිරීම සඳහා 2015 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයකින් බලය හුවමාර කිරීමට එරට විපක්ෂ‍ ‍දේශපාලනන පක්ෂ එකඟතාවයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (06 දා) අනාවරණය කළේය. 

 
මේ ගැටලුව සම්බන්ධයෙන් එරට අගනුවර වන ඔයුඅගඩොගොයු හිදී පසුගිය බදාදා පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ති‍බේ. කෙසේ නමුත් ඒ දක්වා එරට ක්‍රියාත්මක වන අන්තර්වාර ර‍ජයේ නායකයා කවුරැන්ද යන්න මෙහිදී තීරණයකට නොපැමිණි බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි. පුරා වසර 27 ක කාලයක් ධූරය දැරෑ ජනාධිපති බ්ලෙයිසේ කොම්පැඕරේ දැනට සතියකට පෙරදී ජනතා විරෝධතාවකින් එම ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරැව බුරිකිනාෆාසෝහි පාලන බලය හමුදාව යටතට පත්විය. 
 
කෙසේ වෙතත් රට සිවිල් වෙතට පත්කරන ලෙසත් එසේ නොවුණහොත් සම්බාධක සඳහා මුහුණදීමට සැරසෙන ලෙසත් අප්‍රිකානු සංගමහ පසුගිය සදුදා ඔවුන්ට අනතුරැ අඟවා සිටියෙය. ඒ අනුව එම සංගමයේ දින වකවානුවට පෙර තමන් එරට පාලනය ජනතාව වෙත පවරන බවට මෙම හමුදා පාලනයේ නායකයා වන ලුතිනන් කර්නල් ඉසාක් සිඩා පෙරේදා සිය කැමැත්ත පළක‍‍ළේය. 
 
යම්හෙයකින් මෙම සම්බාධක පැනවෙන්නේ නම් ඒ යටතේ බුරිකිනාෆාසෝ වෙත ලැබී ඇති එම සංගමයේ සාමාජිකත්වය අහෝසි වී යයි. එසේම එරට හමුදා නායකයන්ට එහි සාමාජික රටවල් වෙත පැමිණීම ද තහනම් කෙරේ. බදාදා පැවති මෙම සාකච්ඡා සඳහා දේශපාලන පක්ෂවලට අමතරව එරට විවිධ සිවිල් සමාජ සංවිධාන සහ ගෝත්‍රික ජනවර්ග නියෝජනය කරමින් නායකයන් කිහිපපොළක් ද එක්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. 
 
බුරිකිනාෆාසෝහි අසල්වැසි ඝානාව, නයිජීරියාව සහ සෙනගාලයේ ජනාධිපතිවරැන මේ සාකච්ඡාව සඳහා මැදිහත්කරැවන් ලෙස කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මේ හරහා බුරිකිනාෆාසෝහි පාලනයට උසස් සිවිල් චරිතයක් තෝරාගත යුතු වුවත් එය හිටපු ජනාධිපතිවරයා නියෝජනය කළ පක්ෂයෙන් සිද නොවිය යුතුයැයි ඊට සම්බන්ධ වූ විපක්ෂ දේශපාලන පක්ෂ පවසා තිබේ.
 
(අද)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us