මට්ටක්කුලියේ පිහිටි පෞද්ගලික සමාගමකට රුපියල් දහඅට ලක්ෂ හැත්තෑහත් දහසක් (රු. 1,877,000) වටිනා භාණ්ඩ ඇසුරුම් මිල දී ගෙන මෙසේ අගරු චෙක්පත් ලබා දී ඇත බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ වංචාවට සම්බන්ධ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ධූරය මෛත්‍රී ගුණරත්න මහතා විසින් දරන බවද හෙළිවී ඇත.
උඩහමුල්ලේ රක්සිල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ පී. සජිත් සුමනසිරි මහතා විසින් මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
නඩුව නැවත දෙසැම්බර් මස දෙවැනි දින කැඳවීමට කල් තැබූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එදිනට මෙම නඩුවට අදාළ බැංකුවේ වාර්තා කැඳවිය යුතු බවටද නියෝග කර තිබේ.