කටක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 363කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 194ක් පමණි.
අද තරගය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විනාඩියක නිහඩතාවක නිරත වූහ.
ඒ, නාය යාම් හා අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සිහි කරමින් ය.
දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ඊයේ එක්දින වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීඑරණය කළේය.
ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියහ.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 231 ක සබඳතාවක් ගොඩනැඟීමට අජින්කෙයා රහනේ හා ශිඛර් ධවාන් සමත් විය.
ශිඛර් ධවාන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවීගියේ ලකුණු 113 කටයි.
අජින්ක්යා රහනේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 111කි.
සිය 200 වැනි එක්දින තරගයට සහභාගීවු සුරේෂ් රයිනා ලකුණු 52යි.
එය ඔහුගේ 32 වැනි අර්ධ ශතකය ද වේ.
පන්දු යැවීමේදී සුරාජ් රන්දීව් පන්දුවාර 10දී ලකුණු 78 කඩුලු 3 ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන ලකුණු 43ක් රැස් කළේය.
තිසර පෙරේරා ලකුණු 29යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 194කට දැවී ගියේ පන්දුවාර 39යි පන්දු දෙකකදී ය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක ඉන්දියාව ලකුණු 169ක් ජයක් වාර්තා කළේය.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...