කතෝලික සභාවට ගෝඨා ගෙන් බලපෑම් Featured

Published in පුවත්
Sunday, 02 November 2014 17:11

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කොළඹ අගරදගුරු නිවසේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කතෝලික රදගුරු මණ්ඩලයේ සාමාජිකයන් හදිසියේම හමුවී ඇති අතර එහිදී පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමන කෙසේ හෝ සිදුවිය යුතු බවත්, එසේ සිදුනොවුණහොත් එය ජනාධිපතිවරයාගේ නොසතුටට මෙන්ම හිත් කලකිරීමට හේතුවිය හැකි බැවින් එම ගමන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දක්වන ලෙසට තදබල ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ මෙම තදබල ඉල්ලීම පිළිබඳව හා රදගුරු සමුළුව හදිසියේ හමුවීම පිළිබඳව එම සමුළුවේ සාමාජිකයන් අතර දැඩි විමතියක් ඇතිවී ඇති අතර රාජ්‍ය නිලධාරියකු රදගුරු සමුළුවක් ඒ ආකාරයට ආමන්ත‍්‍රණය කිරීම මීට පෙර සිදුවී නැති බවද වාර්තා වේ.

මේ අතර පසුගිය 23 වැනිදා සවස 6.00ට උස්වැටකෙයියාව නාවික හමුදා හෝටලයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම බස්නාහිර පළාතේ සියලූම කතෝලික පියතුමන්ලාගේ රැුස්වීමක් කැඳවා තිබේ.

එම පළාතේ කතෝලික පියතුමන්ලා 50-60ත් අතර පිරිසක් එයට සහභාගි වී ඇති අතර එහිදී ආණ්ඩුවේ වත්මන් සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡුා කර ඇති අතර අනාගත කොළඹ නගරයේ සිහිනය හා සංවර්ධන සැලසුම්හි රූප රාමු පුළුල් තිරයේ ප‍්‍රදර්ශනය කර තිබේ.

මෙදින ආරක්ෂක ලේකම්වරයාගේ මෙම රැුස්වීම කතෝලික පියතුමන්ලා කැඳවා තිබෙන්නේ කලාප අනුනායක පියනමලා මගිනි. එම ආරාධනය පිළිගත් පියතුමන්ලා විශ්වාස කර තිබෙන්නේ පාප්තුමාගේ ගමන සංවිධාන කටයුතු සඳහා මෙම රැුස්වීම කැඳවා ඇති බවය. මෙම රැස්වීමෙන් පසු පියතුමන්ලාට ප‍්‍රණීත රාත‍්‍රි ආහාරයකින්ද සංග‍්‍රහ කර තිබේ.

මේ තත්ත්වයට අනුව ශ‍්‍රී ලංකා කතෝලික සභාව හා පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමන මෙහෙයවන්නේ හා පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද යන්න කතෝලික සභාවේ ප‍්‍රගතිශීලී පියතුමන්ලා ප‍්‍රශ්න කරමින් සිටින බව තවදුරටත් වාර්තා වේ.

(රාවය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us