මීරියබැද්ද සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම අසමත්

Published in පුවත්
Sunday, 02 November 2014 13:03
මීරියබැද්දේ නායයාමට හසුව මේ වන විට පුන්නරුත්තාපන කඳවුරු වල සිටින ජනතාවට ඇඳුම් පැළදුම් හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් විවිධ ඇඟලුම් කම්හල්වලින් හා පරිත්‍යාගශීලින් ගෙන් ලැබී තිබුණද  මේවා  නිසි අයුරින් බෙදා දීමට රජය අපොහොසත් වී තිබේ. පරිත්‍යාගශීලි ජනතාවගේ පරිත්‍යාග නොවේනම්  රජය මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අසමත් වී ඇතිබව මෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදුන අපට  අහන්න දකින්ට ලැබුණි.
රජය විසින් පසුගියදා අනාතවූවට අවශ්‍ය සියළු පහසුකම් සපයා ඇති බව ආණ්ඩුවේ නියෝජිතයින් මාධ්‍ය වලට පුකාශ කර තිබුණද ,එම කඳවුරුවල ජනතාවට රජය මඟින් අදාල ස්ථානය ලබා දීම හැර වෙනත් කිසිවක් ලබා දීමට සමත්ව නැති බව එම අසරණ ජනතාව චෝදනා කරයි.
 
විශේෂයෙන්ම  අපට ලැබුණ තොරතුරු අනුව පූනාගල දෙමළ මහ විද්‍යාලයේ ‍රැදී සිටින පිරිස අඩුම සැලකිල්ලට භාජනය වී ඇත.  එම කඳවුරේ සිටින ජනතාවට  ඇඳුම් තොග  ලබා දී තිබුණේ ශාලාවල මඩ දුහුවිලි තැවරුණු පොළව මතට ගෙනවිත් හලා දමා ගැලපෙන ඇඳුම් තිබේනම් ‍තෝරාගන්න ලෙස පවසමිනි. කෙසේවෙතත් අලුත් ඇඳුම් හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලොරි කිහිපයක්ම පහුගිය දින කීපයේදීම කඳවුර වෙත ලැබී තිබුණ අතර පාසලේ පන්ති කමර 12 කට ආසන්න පමාණයක් මේ පරිත්‍යාග වලින් පිරී තිබුණ බවද අපට නිරීක්ෂණය විය. නමුත් මේවා බෙදා හැරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවේදයක් අදාල කඳවුරු භාරව සිටින රජයේ නිළධාරීන් සතුව තිබෙන බවක්ද පෙනෙන්නට තිබුණේ නැත.
 
එමෙන්ම කඳවුර තුල සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් සැලකිල්ලක් යොමුවී නොමැත. විශේෂයෙන්ම මාපියන් අහිමිවූ දරුවන් වෙනුවෙන් විශේෂ පාලිකාවන්යෙදිය යුතු නමුත් එවැනි පිරිසක් කඳවුරේ සිටියේ නැත. එමෙන්ම අනෙකුත් දරුවන් සම්බන්ධයෙන්ද  ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ සැළකිල්ලක් යොමු කර නොමැති බව බව අපට දක්නට ලැබුණි.
 
මේ අතර නායයාමට හසුවූ හා අවධානම් ප්‍රදේශවලින් ඉවත් කළ වතු ජනතාව පදිංචිව සිටි ලයින්කාමර අයත් වතුයායන්හි පාලකයන් කඳවුර තුළට පැමිණ වතු සේවකයන්ට  තම වත්තේ තේදළු නෙලීමට පැමීය යුතු බව දන්වා ඇති බවද ඔවුන් අප සමග කියා සිටියේය.
 
 
 
 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us