රනිල්ට එරෙහිව තැනූ මඩ ටෙලිය 'රිතූ' !

Published in පුවත්
Wednesday, 05 November 2014 10:17

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වීමට නියමිත බව පසුගියදා වෙබ් අඩවි රැසක් වාර්තා කලේය.

88-89 ධවල භීෂණ සමයේ සපුගස්කන්දේ බටලන්ද වධකාගාරය පදනම් කර ගනිමින් නිපදවෙන මෙම ටෙලි නාට්‍යයේ පසුතල නිර්මාණ මේ වන විට හම්බන්තොට රන්මිණිතැන්න චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගම්මානයේ ඉදිවෙමින් පවතින බවත් එම අඩවි වාර්තා කර තිබිණ.


ඊට අනුව රනිල්ට විරුද්ධව නිර්මානය කෙරෙන මඩ ටෙලි නාට්‍යය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වූවාට පසුව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසේ.

නමුත් එම ධවල භීෂණ තේමාවට පෙර වෙනත් ටෙලි නාට්‍යයක් හොර රහසේම වැඩ අල්ලා ඇත. ඒ ඊයේ දිනයේ (4) සිට ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාතී‍්‍ර 8 ට විකාශය වන ‘රිතූ‘ ටෙලිනාට්‍යයයි.


මතුපිටින් පේ‍්‍රම කතාවක් පදනම් කරගෙන එය වටා පසුගිය යුධ සමයත්, එකල මිනිසුන් විදි දුක් පීඩාවන් ආණ්ඩුව සමනය කල හැටිත් අතුරු චරිත උපයෝගී කොටගෙන කතාව දිගහැරෙයි.


පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට පාවා දුන් බව චරිත ආධාරයෙන් පවසමින් ඇතැම් චරිත හැසිරෙයි. හිටි හැටියේ බෝම්බ පිපිරෙමින් පැවති එකල සාමාන්‍ය ජනතාව බියෙන් ඇලලුනු කාලය මතකයට නංවමින් දැන් විදින නිදහස පිළිබදව කතාවේ තවත් තැනෙක කියැවෙන ආකාරයෙන් මහේෂ රත්සර මද්දුමආරච්චි තිර රචනය කොට ඇත.

හිටි හැටියේ ස්වාධීන රූපවාහිනියේ මෙවැනි තේමාවකින් යුත් කතාවක් විකාශය වූයේ ඇයිදැයි පේ‍්‍රක්ෂකයින්ට එකවරම නොවැටහෙන්නේ කතාව පිළිබදව ගිය පූර්ව ප‍්‍රචාරක කටයුතු නිසාවෙනි. මන්ද මෙම ටෙලිනාට්‍යයේ නම බොළද නවකතාවක නමක් මෙන් ‘රිතූ‘ ලෙස යොදා ඇත. එවිට පේ‍්‍රම කතාවක් බලන්නට රූපවාහිනිය ඉදිරියේ ඉදගන්නා ඔබට පේ‍්‍රමකතාවක් පෙන්වන අතරම සූක්ෂම මැතිවරණ ප‍්‍රචාරණ කටයුත්තක් මෙම ටෙලිනාට්‍ය හරහා දැන්මම කරන්නට පටන්ගෙන ඇතිබව වැටහෙන්නට තවත් කොටස් කිහිපයක් විකාශය වීමම ප‍්‍රමාණවත්ය.

බටලන්ද ටෙලිනාට්‍යයේ මූලික වැඩකටයුතු සඳහා රජය මගින් මේ වන විට රුපියල් මිලියන 25 (ලක්ෂ 250) ක් මුදා හැර ඇති බවපැවසේ. ඊට අමතරව මෙහි අධ්‍යක්ෂකවරයා බව පැවසෙන්නේ ජැක්සන් ඇන්තනිය. මෙම කුප්‍රකට බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් 90 දශකයේ මැද භාගයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පොදු ජන එක්සත් පෙරමුණු රජය විසින් චෝදනා නැගුණු අතර, කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව ඒ මහතා සියළුම චෝදනා සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඒ අනුව රන්මිණිතැන්නේ බටලන්ද වධකාගාරය හදනා ජැක්සන්ට කලින් ‘රිතූ‘ වැට පැන ඇත.


(asianmirror.lk)

Last modified on Wednesday, 05 November 2014 10:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us