ලෝක පාපන්දු සභාපති ලංකාවට

Published in පුවත්
Wednesday, 05 November 2014 10:34

ලෝක පාපන්දු සභාපති සෙප් බ්ලැටර් මහතා ලබන දෙසැම්බර් 01 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෙප් බ්ලැටර් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවීමට ද නියමිත බව පැවසේ.
 
ලෝක පාපන්දු සභාපතිවරයා මේ වසරේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 7.5ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් අතර දංගොල්ල නව පාපන්දු සංකීර්ණයට හා කොළඹ හෙන්රි පේද්‍රික් ක්‍රීඩා පිටිය නවීකරණයට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක මුදලක් ලබා දුන්නේය. එම සියලු මුදල් ලෝක පාපන්දු සම්මේලනය වාර්ෂිකව ලබාදෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 2.5ට අමතරව හිමිවීම විශේෂත්වයකි.
 
ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ සැසිවාරයකට සහභාගිවීමෙන් අනතුරුවය.
 
යාපනයේ අරියාලේ ක්‍රීඩාංගණය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ පාපන්දු ලීග් සභාපතිවරු හා ලේකම්වරු ඇමැතීම බ්ලැටර් මහතාගේ සංචාරයේදී සිදු කිරීමට නියමිතය.
 
අරියාලේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට ලෝක පාපන්දු සම්මේලනය ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක මුදලක් පිරිනමා  තිබුණි.
 
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු දෙසැම්බර් 3වැනිදා සුරිච් බලා පිටත්වීමට නියමිතය.
 
බ්ලැටර් මහතාගේ මේ සංචාරය ඔහුගේ සිවුවැනි ශ්‍රී ලංකා ගමනයි. අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ වසර 2006දී කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ කටයුතු සඳහාය.
 
ලෝක පාපන්දු සම්මේලනයේ 8වැනි සභාපතිවරයා වන 78 වියැති සෙප් බ්ලැටර් මහතා 1998 සිට පිට පිට සිවුවතාවක්ම එම තනතුරට තේරී පත් වූවෙකි.

 

Last modified on Wednesday, 05 November 2014 10:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us