මොවුන් මෙම වර්ජනය ආරම්භ කර අැත්තේ ඉල්ලීම් 05 ක් මුල් කරගනිමින්ය.
අද උදෑසන 09.00ට මෙම වර්ජනය ආරම්භ කළ බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පැවසුවේය.
රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම, වෛද්‍ය රක්ෂණාවරණය ක්‍රමවත් කිරීම, සේවක ණය මුදල් ලබාදීම , ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කිරීම සහ සේවකයින්ට විවේකාගාර ලබාදීම මොවුන්ගේ ඉල්ලීම් වේ.
බලධාරීන් සමග පැවති සාකච්ජා පැවැත්වූවත් ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම නිසා වර්ජනය ආරම්භ කළ බව ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පැවසුවේය.