රනිල්, පොදු අපේක්ෂකයෙකුට එකඟවේ ! Featured

Published in පුවත්
Wednesday, 05 November 2014 09:45

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව එජාපයෙන් ඉදිරිපත් කරන බවට දැඩි ස්ථාවරයක සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, සිය ස්ථාවරය වෙනස් කරමින් පොදු අපේක්ෂකයෙකුට සහාය පල කිරීම සඳහා ඊයේ (04) දහවල් සිය කැමැත්ත පලකර තිබේ.

එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ඔහු හමුවී ජනාධිපතිවරණය හා පක්ෂයේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් කල විමසීමකදී එජාප නායකයා එම පොරොන්දුව ලබාදී  ඇත. 


පසුගිය දින කිහිපයෙහි එක්සත් ජාතික පක්ෂයේ එක් කණ්ඩායමක් එම පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර සිටියදී, තවත් කණ්ඩායමක් කරූ ජයසූරිය මන්ත‍්‍රීවරයා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස බලපෑම් කර සිටියේය.

කෙසේ වෙතත් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාගේ සහාය ලැබී තිබුනේ රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතය.

 සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කර සිටින්නේ ඉදිරියේදී පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් බව පක්ෂ අභ්‍යන්තරයෙන් මත පළ වී තිබේ.



පොදු අපේක්ෂකයෙක් :


මේ අතර පක්ෂයේ උපනායක රවී කරුණානායක මන්ත‍්‍රීවරයා සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ යෝජනාව වී ඇත්තේ විපක්ෂයේ සියලූම පක්ෂවල සහාය ඇතිව පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි. බොහෝ දුරට එම පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මන්ත‍්‍රීවරයා විය හැකි බවට තොරතුරු වාර්තා වේ.


 මීට අමතරව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ මතය වී තිබෙන්නේ ද පක්ෂය දිනවන්නට නම් පක්ෂ නායක රනිල් නොව වෙනත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වඩාත් උචිත බවයි.

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීම විනා එ.ජා.ප නායක රනිල්ට සහාය ලබා නොදීමටය. ජාතික හෙළ උරුමය ද මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ තම සහාය පොදු අපේක්ෂකයෙකුට ලබා දෙන බවයි.


 එමනිසා කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් ඇතැම්විට ජාතික හෙළ උරුමයේ ද සහාය ලබා ගැනීමටත් එසේම සෙසු පක්ෂවල සහාය ද ලබා ගැනීමට හැකිවනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us