ඉන්දීය කාන්තාවන්ට වේශ නිරූපනයට අවසර

Published in පුවත්
Wednesday, 05 November 2014 09:42

කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පීන් මෙන් ක්‍රියා කළ හැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ දශක හයකට ආසන්න කාලයක සම්ප්‍රදායයක් බිඳ දමමිනි.

බොලිවුඩ් ක්ෂේත්‍රයේ ප්‍රබල වෘත්තීය සමිතියක් විසින් තමන්ට වේෂ නිරූපන ශිල්පයේ නියැලීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදෙන බවට චෝදනා කරමින් කාන්තාවන් නම දෙනකු අධිකරණය ගමුවට ගියේ 2013දීය.

කේශ කලාප හැඩගන්වන්නියන් ලෙසින් සේවයේ නියැලීමට පමණක් අවසර ලබා දී තිබුණද වසර 59ක් මුළුල්ලේ කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පිනියක් සේ රැකියාවේ නිරත වීම තහනම් කර තිබිණ.

පිරිමින්ගේ ජීවනෝපායට බාධා පැමිණෙතැයි යන තර්කයේ පිහිටා කාන්තාවට වේශ නිරූපන ශිල්පයට අවතීර්ණ වීමට වෘත්තීය සමිති බාධා කිරීම නීති විරෝධී බව අධිකරණය පවසයි.

ලෝකයේ විශාලතම රූපවාහිනී කර්මාන්තයටද හිමිකම් කියන්නේ ඉන්දියාවයි.

"මෙය ව්‍යවස්ථානුකුලව ඉඩදිය නොහැකි අසාධාරණයක්," බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

"කොහොමද මේ අසාධාරණය දිගින් දිගටම සිදුවුනේ. අපි මේකට ඉඩ තියන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාව අනුව මෙවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ඇයි පිරිමින්ට පමණක් වේශ නිරූපන ශිල්පයේ ඉඩ දී තිබුනේ,"යනුවෙන් දීපක් මිස්රා සහ යූ යූ ලලිත් විනිසුරුවන් පැවසූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පවසයි.

"සුදුසුකම් තිබෙනවා නම් කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පියෙක් වීම තනහම් කිරීමට කිසිම හේතුවක් දකින්නට නැහැ."

ඒ අනුව ශිල්පිනියන්ට එරෙහිව පනවා ඇති තහනම වහාම ඉවත් කරන මෙන් ඉන්දියාවේ සිනමා ඇඳුම් පැළඳුම් වේශ නිරූපන ශිල්පීන් සහ කේශ කල්‍යාන විලාසිතා සංගමයට අධිකරණය නියෝග කළේය.

"අපි ඉන්නේ 1935 නොවෙයි. 2014. මේවා අද දක්වා ඇදීයන්ට ඉඩ දෙන්න බැහැ," යනුවෙන් විනිසුරුවරු පැවසූහ.

"මම චිත්‍රපටි දෙක තුනක වැඩකලා. ඒක හරිම දුෂ්කර ක්‍රියාවක්. වෘත්තීය සමිති හරිම බලවත්. ඔවුන් චිත්‍රපටි රූ ගත කරන ස්ථාන වලට එනවා. කාන්තාවන් වේශ නිරූපණයේ යෙදී ඉන්න බව දැක්කොත් නිෂ්පාදකයාට දඩ කන්න සිද්ධ වෙනවා," යනුවෙන් ඛුරානා බිබිසියට පැවසුවාය.

ඉන්දියාවේ වේශ නිරූපන ශිල්පයේ නියැලීමට යත්න දැරූ කාන්තාවන්ට තර්ජන සහ පහරදීම් වලට පවා මුහුණ දීමට සිදුවී තිබේ.

වේශ නිරූපන ශිල්පයේ පුහුණුව ලැබූ කාන්තාවෝ සාමාන්‍යයෙන් මෝස්‌තර සංදර්ශන, වෙළඳ දැන්වීම් සහ මනාලියන් හැඩ ගැන්වීමේ ක්ෂේත්‍රයන්හි සේවය කරති.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us