මීරියබැද්ද නායයාමට උමාඔය ව්‍යාපෘතිය වගකිව යුතුයි

Tuesday, 04 November 2014 15:42

හල්දුම්මුල්ලමීරියබැද්ද නායයෑමට හේතුව එල්නිනෝ තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස යැයි හුවා දැක්වීමට මේ වන විට උත්සාහ දරමින් තිබේ.

නමුත් මෙම ශෝචනීය ඉරණමට ජනතාව ගොදුරු කරවූයේ මධ්‍යම කඳුකරයේ ස්වභාවික පැවැත්ම විනාශ කරමින් වේගයෙන් සිදුකරගෙන යන සංවර්ධන ක්‍රියාවලියක නාමයෙන් සිදුකරගෙන යනු ලබන විනාශකාරී ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විසින් යැයි අප විශ්වාස කරමු

විශේෂයෙන්ම මීරියබැද්ද නායයෑමට උමා ඔය ව්‍යාපෘතිය විසින් මධ්‍යම කඳුකරය මතින් සිදුකරගෙන යනු ලබන ක්‍රියාකාරකම් මත ඇතිවූ විනාශයන් හේතු වී ඇතඑයට හොඳම උදාහරණය වන්නේ ඩයබරා  සිට රාවණා ඇල්ලට මදක් පහලට වනතුරු කිලෝ මීටර 23ක් අභ්‍යන්තරයට විහිදී යන සේ උමඟක් මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් හාරමින් තිබීමයි

උමා ඔය ව්‍යාපෘතිය හා සම්බන්ධ හේතු ගණනාවක් මේ තත්ත්වයට සෘජුවම වගකිය යුතුයැයි අප අවධාරණය කරමුමධ්‍යම කඳුරකරයේ ජල පෝෂක ප්‍රදේශ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිදුකරමින් පවතින මෙවැනි විනාශයන් මගින් මතුපිට පාෂාණ ස්ථරය හා මව් පාෂාණ ස්ථරය අතර සම්බන්ධතාවය බිඳී ගිය පසු ජලය ලීටර් ලක්ෂ ගණනක් එම හිදැස් අතර එක්රැස් වේඑහි අවසාන ප්‍රතිඵලය වන්නේ මතුපිට පාෂාණ ස්ථරය ලිස්සා යාම හා එක්රැස් වූ ජල කඳ ගලායාම ආරම්භ වීමයිමෙය දිය හෙණයක් ලෙසද හඳුන්වනු ලැබේ

මධ්‍යම කඳුකරය කේන්ද්‍රකර ගනිමින් මහාමාර්ග ඉදිකිරීමවිශාල ජල ව්‍යාපෘති ඉදිකිරීම ඇතුළු අනෙකුත් විනාශයන් වල ප්‍රතිඵලය මෙවැනි ඒවා වන අතර මෙම සංවර්ධන ක්‍රියාවලියේ අවසානය වන්නේ මෙවැනි සමාජීය ව්‍යවසනයන්ට කිසිත් නොදන්නා අසරණයන් ගොදුරු වීම පමණි

එසේම හල්දුම්මුල්ල ප්‍රා දේශිය ලේකම් කොට්ටාශයටම අයත් සොරගුණේ ප්‍රෙද්ශයේ සම්පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත් ඉදිකරගෙන යමින් පවතින  ගොල්ෆ් පිටිය සහ හෝටල් ව්‍යාපතීයද අනාගතයේදී මෙවැනිම ව්‍යවසනයක් නිර්මාණය කිරීමය දායක වනු ඇත

සංවර්ධන ක්‍රියාදාමයන්ගේ නාමයෙන් අත්තනොමතික ලෙස සිදුකරනු ලබනා මෙ මහා පරිසර විනාශන් නිසි ලෙස අධ්‍යනය කරමිනිසුන් කසල ලෙස නොසකා පාලකයන් සැලසුම් සකස් කළ යුතුය

ඒ පිළිබඳව තව තවත් සිතිය යුතුයඅප චීනයෙන් ණය ලබගන්නා බව නොරහසක් වුවත් අප රටේ පවතින්නේ චීනයේ නීතිය නොවේ.

චීනයේ පතල් කම්කරුවන් ටමහා පරිමාණ ව්‍යාපෘති ඉදිකිරීමේදී නොසලකා හරිනු ලබන ජනයාට සමාජවාදයේ නාමයෙන් නැති අයිතිය අප රටේ ඇත

එය බටහිරයන් විසින් අප රටේ ස්ථාපිත කල නීති පද්ධතියයිඅපට මධ්‍යම පරිසර අධිකාරියක් ඇතඑහි සිටිනා වැදගත් මහත්වරුන් ක්‍රියා කළ යුත්තේ මේ ආණ්ඩුවේ සැලැසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවට අනාගතයේ මේ රටේ මහජනතාවට  mrsirhg බලපාන විනාශකාරී දේවල් වලට එරෙහිව මැදිහත්වීමයි

සිදු නොවන්නේද එයතමුන්ට රැකියාව ලබාදීමේ යුතුකම ඉෂ්ට කරන්නට යන මිනිසුන්ට කියන්නට ඇත්තේ නුඹලා මෙම ක්‍රියාවන්ට වන්දි නොගෙවුවක් නුඹලගේ පසු පරම්පරාවන් කිසිදු හේතුවක් නොදැන මේවාට වන්දි ගෙවීමට නියමිත බවයි

මීළඟ වසර කිහිපය තුළත් සංවර්ධනයේ නාමයෙන් මෙම ක්‍රියාවළිය අඛණ්ඩව සිදුවුවහොත් ගං වතුරනායයෑම්සුළි සුළං හා වෙනත් ආපාදා තත්ත්වයන් මෙයට වඩා වැඩි බලපෑමක් සහිතව සිදුවනු ඇතඑදිනට එම සිදුවීම වල වගකීම එනම් සොබදහම අත්තනෝමතික ලෙස විනාශ කිරීමේ වගකීම හා ඒ මතින් වැනසී යන මිනිස් ජීවිත වල වගකීම මෙම නායකයන්පාලකයන් විසින් බාරගත යුතය

රවින්ද්‍ර කාරියවසම් PhD Reading (Ecology Managment )

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථාන

 

Last modified on Tuesday, 04 November 2014 15:46

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us