බොරු ගෙතූ කාලය අවසන් ! ඇත්ත ගොතාගමු විගසින් !!

Wednesday, 05 November 2014 13:46

අප මෙච්චර කල් අසා තිබුණේ `බොරු ගෙතීමක්` ගැනය. බොරු ගොතා කියන අය - බොරු ගොතා කියන විධි - බොරු ගොතා කියන ක්‍රම ආදිය ගැන අපි ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. එහෙත් මේ කියන්නට සූදානම් වන්නේ අලුත් කතාවකි. බොරු ගෙතිල්ල සිදු වූයේ ඉස්සරය. දැන් සිදුවන්නේ බොරු පැළ කිරිල්ලය. මුළින්ම බොරුව අවශ්‍ය අවස්ථාවේදී පැළ කරනු ලබන අතර ඉන් අනතුරුව ඊට අවශ්‍ය වතුර පොහොර යොදනු ලැබේ. ඊළඟට දන්නේම නැතිව බොරුව මහා ගසක් බවට පත්වෙයි. එතැන්සිට අමුතු ගෙතිල්ලක් අවශ්‍ය නැත. සෙවන දෙන්නේ බොරුවයි. බොරුව යට සිට කරන කියන සියල්ල කාටත් නොදැනී බොරුවේ සෙවනැල්ලට යට වෙයි.

උදාහරණක් ගනිමු. හැමදේම කරන්නේ රට රකින්නටය කියා බොරුවක් පැළ කළ පසු ටිකෙන් ටික එය අතු ඉති දමයි. හැමෝටම එහෙම හිතෙන්නට පටන් ගනියි. හැමෝම එහෙම හිතාගෙන හැමදේම කරන්නට පටන් ගනියි. තක්කඩිකම් පාදඩකම් පාවාදීම් ආදී ඕනෑම දෙයක් එතැන් සිට එහෙම හිතාගෙන කළහැකිය. දැන් මහා ගසක් වී ඇති ඒ බොරුව යටට වී ඕනෑම වංචනිකයකුට ඕනෑම චෞරයකුට ඕනෑම සෙල්ලමක් දමන්නට පුළුවන. මෑත කාලීන ලංකාව තුළ එසේ පැළ කරනලද බොරු සංඛ්‍යාව එකක් දෙකක් හතරක් පහක් නොව සිය ගණනකි. බොරු තවාන් දැමීමේ එම ක්‍රමවේදය අනුව බොරු ගෙතීමේ ඉතිහාසගත කාර්යභාරය වර්තමානය තුළ අවසන් වී ඇත.

දැන් උදාවී ඇත්තේ `ඇත්ත` ගොතා ගත යුතු කාලයයි. බොරුවෙන් සෙවන ලබන ලෝකයක ඇත්ත කොහෙන්වත් කඩා පාත් වන්නේ නැත. සිතාගන්නවත් බැරි ඇත්ත ගොතාගන්නේ කෙසේද යන්න හොඳ ප්‍රශ්නයකි. හොඳ ප්‍රශ්නයට හොඳ උත්තරයක් තිබේ. එනම් ඇත්ත ගොතාගතයුතුය. ඇත්ත ගොතාගත යුත්තේ කෙසේද? ඒකත් ප්‍රශ්නයකි. ඒකටත් උත්තරයක් ඇත. මුතු අමුණා පොටක් ගොතන්නා සේ - මල් අමුණා වැලක් ගොතන්නා සේ - ස්වර අමුණා තනුවක් ගොතන්නා සේ ඇත්ත ගොතා ගතයුතුය. දවස ගානේ - පැයක් ගානේ - තත්පරයක් ගානේ අප දකින - අප අසන පුවත් අමුණා ඇත්ත ගොතා ගත යුතුය. වෙන වෙනම තිබෙන පුවත් එකට අමුණා ගෙතූ විට ඇත්ත හමුවෙයි.

හල්දුම්මුල්ල පූනාගල නාය යාමක් ගැන පසුගියදා පුවත් වැස්සක් වැස්සේය. රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් පුවත්පත්වලින් වෙබ් අඩවිවලින් වැටුණු ඒ පුවත් වැස්සේ නොදරුවන් මෙන් තෙමුණු අපට ඒවා නිකම්ම නිකම් පුවත් පමණක් විය. ඉතින් ඒ පුවත් අසා අපි දුක් වූයෙමු. අපි කම්පනය වූයෙමු. අපි අපේ හදවත් මිනිස් අනුකම්පාවෙන් බර කර ගත්තෙමු. අපි සත්කාරක ක්‍රියාමාර්ග ගත්තෙමු. එහෙත්, නිකමටවත් අප ඒ පුවත වෙනත් පුවතක් සමග සම්බන්ධ කරන්නට සිතුනේ නැත. වෙනම ලැබුණු පුවත වෙනම තේරුම් ගත්තා මිස වෙනත් පුවතක් සමග සම්බන්ධ කරගන්නට අපට නොහැකි වූ හෙයින් කිසියම් ඇත්තක් අපට මගහැරී ගියේය. ඒ කුමක්ද?

ඒ කුමක්ද කියා දැනගැනීමට අපි ඒ පුවත වෙනත් පුවතක් සමග සම්බන්ධ කර බලමු. හල්දුම්මුල්ල ඛේදවාචකය (මේ වන විට එහි ඉලක්කම් සීග්‍රයෙන් සාධනීය වෙමින් පවතින එක වෙනම කතාවකි) සිදුවී සතියක් යන විට අපට ලැබෙන පුවතක් නම්, දැනටත් ඉදිකිරීම් ආරම්භ කර ඇති කොළඹ වරාය නගර ව්‍යාපෘතියට කළුගල් ඝන මීටර් ලක්ෂ පණහක ප‍්‍රමාණයක් අවශ්‍ය වන බව රජය විසින් ඇස්තමේන්තු කර ඇති බවයි. කළුගල් ඝන මීටර් ලක්ෂ පණහක් ! අන්න ඒ කළුගල් ඝන මීටර් ලක්ෂ පණහත් හල්දුම්මුල්ලත් අතර සම්බන්ධයක් තිබේ. මේ පුවත් දෙක එකිනෙක අමුණා ගැනීමෙන් `ඇත්ත` සොයා ගත හැකිය. `ඇත්ත` සොයා ගත යුතුය.

කළුගල් ඝන මීටර් ලක්ෂ පණහක් මේ පොළවෙන් කඩා ගැනීමට කෙතරම් පරිසර විනාශයක් සිදුකළයුතුද ? ඒ කළුගල් ඝන මීටර් ලක්ෂ පණහ කඩාගෙන වරාය නගරයට ගෙන එන විට කඳු ශිඛර කීයකට අංශ භාගය හැදේවිදැයි අප දන්නේ නැත. කඳු සහ ශේෂ කඳු අභ්‍යන්තරයට ඩයිනමයිට් ඇතුළු කොට බෝර පුපුරන වාරයක් වාරයක් පාසා මිහිමවගේ හදවත කම්පනය වෙයි. දරාගත නොහැකි තරම් පරිසර ප්‍රහාරයකින් පසු ඇය කෙස් විදා හඬා වැටෙන්නේ නිකම් නොව ගම් නියම්ගම් පිටින් නාය යවමින් බව දැනගත යුතුය. `කළුගල් ඝන මීටර් ලක්ෂ පණහ` සම්බන්ධ ප්‍රවෘත්තිය හල්දුම්මුල්ල පුවත සමග අමුණා ගත්විට `ඊනියා සංවර්ධනය සහ පරිසරය` පිලිබඳ අනාගත ඇත්තක් ගොතා ගත හැකිය.

මේ අප ගත්තේ එක් උදාහරණයක් පමණි. තවත් උදාහරණ සියගණනක් අවශ්‍යනම් පෙන්වාදිය හැකිය. පැයෙන් පැයට - වරුවෙන් වරුවට පමණක් නොව `බ්‍රේකින් නිවුස්` යැයි කියමින් වෙත කඩා වදින පුවත් කන්දරාව එකින් එක අමුණාගන්නට සමත් මොළයක් දැන් අවශ්‍ය කර තිබේ. රවට්ටන එකාට සීමාවක් නැති වුවත් රැවටෙන එකාට සීමාවක් තබා ගත යුතුය. රැවටෙන එක නිමා කරගන්නට නම්, රැවටෙන විධි හොයාගෙන ඒ දොරවල් වසා දමන්නට ඕනෑය. පැරණි දොරවල් වසා අලුත් දොරවල් විවර කර ගමු. බොරු ගෙතූ අතීතයකට හා බොරු පැළ කරන වර්තමානයකට එරෙහිව පුවතෙන් පුවත අමුණා ඇත්ත ගොතන්නට පටන් ගනිමු !

- නිම්මි මුදලිගේ-

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us