තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය ප්‍රබල අවියකි

Published in පුවත්
Tuesday, 04 November 2014 15:35

නියඟයක් පැමිණි විට, ගංවතුරක් පැමිණි විට, නාය යෑමක් සිදුවූ විට දුප්පත්කම එහා මෙහා වන්නේ නම් ඒ දුප්පත්කම අනතුරුදායක මට්ටමක තිබේ. මෙම දුප්පත්කම තිරසාරව මැඩලීම සඳහා දුප්පත්කම 3% ට වඩා අඩුකළ යුතුය. එවැනි තත්ත්වයක් අත්පත්කරගෙන තිඛෙනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක පමණක් බවත් අනෙක් ප්‍රදේශවලත් තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ දැනුම, තාක්ෂණය හරහා ගොඩනැගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රබල අවියක් වන බවද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) උදෑසන කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ''විදුහුරු හෙටක් තිරසර රටක්'' ජාතික විද්‍යා සතිය 2014 ප්‍රකාශයට පත්කරමිනි.

රටක් තිරසර වීමට රටේ ජනතාව ආර්ථීක අතින් මෙන්ම පාරිසරික අතින්ද ශක්තිමත් විය යුතු අතර සමාජය අතර අසමානතාව තුනීවී සමානාත්මතාවයෙන් යුතු සමාජයක් බිහිවිය යුතුය. මේ සඳහා විද්‍යාවට හා තාක්ෂණයට මහා මෙහෙවරක් කළ හැකි අතර එය ප්‍රායෝගික කිරීම මෙවර විද්‍යා සතියට අරමුණු කර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගියදා අමාත්‍යාංශය විසින් විද්‍යාඥයින් රාශියක් සම්බන්ධ කරගෙන රටට අවශ්‍ය විද්‍යා තාක්ෂණ සැළැස්මක අනුරුවක් සකස් කළ බවත් විද්‍යාඥයින්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සමඟ සාකච්ඡා කොට විධිමත් ආර්ථීක සැලැස්මක් ලෙස ජනාධිපතිතුමාට හා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. එමඟින් 2015 සිට 2020 දක්වා කාලය තුළ විධිමත් ආයෝජනයක් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති ආර්ථීක, සමාජ හා පාරිසරික ගැටළුවලින් මිදිය හැකිය.

පසුගියදා කොස්ලන්ද ප්‍රදේශයේ ඇතිවූ ඛේදවාචකය ඉදිරියේදී ඇතිවීමට නියමිත පරිසර ව්‍යසනයේ පෙරනිම්ත්තක් ලෙස පෙන්වා දිය හැකි අතර මීට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවතියේ බීමට වතුර පොදක් නැති දැඩි නියඟයකි. දැන් පවතින්නේ ගංවතුර හා නායයෑම්ය. මේ ප්‍රවණතාවය ඉදිරියටත් එසේම පැවතිය හැකි අතර මේ තත්ත්වයෙන්ම රට ඉදිරියට ගියහොත් ජලය හිඟ කමත්, ජලය වැඩිකමත් නිසා ජල ආතතිය විසින් අනාගතයේදී රටම බිලි ගැනීමට ඉඩ තිබේ.

''විදුහුරු හෙටක් තිරසර රටක්'' සංකල්පය පරිසර සංරක්ෂණය සඳහා ඉතා අත්‍යාවශ්‍යය. මේ රටේ අනාගත ආශ්චර්ය ගොඩනගා ගැනීමට විද්‍යා තාක්ෂණයට අප විසින් ආයෝජනය කළ යුතුමය.

අද ලෝකයේ ඉහළ ගණයේ තාක්ෂණ නිර්මාණ සිදුවන කාර්මිකකරණයේ ප්‍රධානම එන්ජිම ආසියාව බවට පත්වෙමින් තිබේ. අද නව තාක්ෂණයේ යෝධ පිමි තුළින් ඉදිරියට යාමට ආසියානු කලාපයේ රටවල් සමත් වී තිබේ. යුරෝපයේ පැවති තත්ත්වය ආසියාවට ලැඛෙමින් තිබේ. ශ්‍රී ලංකාවද වහාම කලාපයේ පවතින උගත්ම, නැණවත්ම සමාජ බලය තිඛෙන ස්ථානය ලෙස ඉදිරියට පැමිණිය යුතුයි. මේ විද්‍යා සතියේ අපේ ප්‍රධාන අරමුණ මෙම මතය සමාජයට ගෙන යාම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අදින් ඇරඹෙන මෙම විද්‍යා සතිය අනාගතයේදී සංවර්ධනයේ මහා ඉදිරි පිමි දකින, මහා විද්‍යා නිර්මාණ දකින, ලෝකය ජය ගැනීමට විශ්වයට අභියෝග කළ හැකි විද්‍යාත්මක පිරිසක් බිහිකිරීමට පදනමකි. අතීතයේදී අපේ රට ලෝකයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ යම් තැනක බැබළුනාද ඒ බැබලූණු මුතු ඇටය බවට නැවතත් මේ ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අවශ්‍ය කරන මුල්පියවර මේ විද්‍යා සතියෙන් අත්පත් කරගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

DSC 7800

 

DSC 7897-1-

DSC 7966

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us