මහින්ද රාජපක්ෂව අගමැති කරවීමේ ව්‍යාජ ව්‍යාපාරය විසින් සංවිධානය කරන රත්නපුරයේ හෙට පැවැත්වෙන ‍රැළිය සඳහා ශ්‍රි ලනීප මන්ත්‍රීන් 300 ක දසලක්ෂයක ජනතාවක් සහභාගි කරවන බව බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එම සංවිධායකයන් පවසයි.

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉදිරි දින කිහිපය තුළ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතනවල කාලසීමාව තවත් වසරකින් කල් දමන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ දී පත් කළ හැකි කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් සහ රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 55ක් ලෙස ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව ජනාධිපතිවරණයට පෙර එකඟතාවකට පැමිණ තිබුණ ද මේ වනවිටත් එතරම් සංඛ්‍යාවකට පත්වීම් ලබා දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය රජය සමයේ දැන්වීම් පළ කිරීම වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතන සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත අය විය යුතු රුපියල් බිලියනයක හිඟ මුදලක් වහාම ගෙවීමට පියවර ගන්නැයි එකී දැන්වීම් පළ කළ ආයතන වෙත දැනුම් දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිවු දින නිල සංචාරයක් සඳහා (25)චීනය බලා පිටත්ව යාමට නියමිතය.

කටාර් රාජ්‍ය නායක ෂීක් තමිම් බින් හමාඩ් අල් තානි (Shaikh Tamim Bin Hamad Al Thani) මහතා මීට ස්වල්ප මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.ඒ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. 

තවත් වසර 75ක් පමණ රටේ පාලන බලය රාජපක්ෂරුන් විසින්ම හෙබවීමේ බලාපොරොත්තුවෙන් යුතුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කන්කසන්තුරේ ඉදිකරමින් පැවැති අති සුඛෝපභෝගී මන්දිරය පොදු මහජන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us