පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 21 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව නඩුව අද කැදවු අවස්ථාවේදී තීන්දු කර තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මෙරට දී හඳුනාගෙන තිබේ. එම කොවිඩ් ප්‍රබේභේදය කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන බවට හඳුනා ගෙන ඇත.

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත 25%ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

නිරෝධායන රීති කඩ කිරීමට අදාළව මුහුණු ආරණ නොපැළඳ හෝ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරදකරුවෙකු වුවහොත් ඔහුට රුපියල් 10,000ක දඩයක් හා මාස 6ක සිර දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර ඇත.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us