ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (30 වැනිදා) සං‌කේත වැඩවර්ජනයක නිරත වෙති. ආචාර්යවරුන්ගේ පුරප්පාඩු පිරවීම, වැඩිවන ශිෂ්‍යන්ට අදාළව පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ඊයේ (29 වැනිදා) පැවසීය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා තිබේ.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකාවට වියළි රතු මිරිස් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමන ලෙස ඉන්දියානු මිරිස් අපනයනකරුවන්ගේ සංගමය (Chillies Exporters Association India) විසින් එම සංගමයේ සාමාජිකයන්ට, මිරිස් අපනයනකරුවන්ට සහ අනෙක් පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.

 

පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාට යොමු කළ මාර්ගෝපදේශ මාලා පොලිසිවලට දැනුම්දී ඇතත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව හෝමාගම සිදුවීමෙන් පෙනී යන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘අරුණ’ට පැවැසීය.

අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ​ශ්‍රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන, වෛද්‍ය එච්. එම්. සී. ප්‍රසාද් හේරත් මහතා එම ක්ෂේත්‍රයේ නව තනතුරකට පත් කර තිබේ.

Page 1 of 1990

ld add copy

Connet With Us