අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතයි.

පස්වරු 2.00න් පසු දකුණු පළාතට සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

පාතාල ක්‍රියා­කා­ර­කම් හමුවේ ඇතිවී තිබෙන විවිධ ගැටුම් හා නොහොඳ නෝක්කා­ඩු­කම් හේතු­වෙන් ඇතිවූ මරණ තර්ජන මත ගන්දර පොලිස් වසමේ පුද්ග­ල­යින් දහ­සය දෙනෙකු සඳහා (16) පොලිස් ආර­ක්ෂාව ලබාදී ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මෙන්ම හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාද වන විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ld add copy

Connet With Us