අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06) සිට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට (06) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින අලුයම විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.

රධාන මාර්ගයන්හි යතුරුපැදි ධාවනය කිරීමට විශේෂ මංතීරුවක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර විනිසුරු සංගමය පෙන්වා දෙන්නේ, අදාළ යෝජනා අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදුනොකළ යුතු බවය.

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුකර තිබෙන බවත්, ඊ ට අදාළ නීතිමය කටයුතු මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

වියළි කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන් හමුවීම ක්‍රමානුකූලව පහළ යමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

ld add copy

Connet With Us