කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 80.43කින් පහළ ගොස් තිබේ.

අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ.

එල්-නිනෝ තත්ත්වයත් සමග උතුරු නැගෙනහිර ඇතුළු මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම යළි දැනුම් දෙනතුරු තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයත් සමග ඉදිරි දිනවල මෙරට මාළු මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳ සංගමය කියා සිටී.

අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.

එල්-නිනෝ තත්ත්වයත් සමග පවතින උණුසුම මැද මත්පැන් හා පැණිබීම පානය මිනිස් සිරුරට ඉතා අහිතකර බවත් තාප ආඝාතය ඇතිවී මරණයෙන් කෙළවර වී යාමට එය හේතු විය හැකි බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෘත්තීය සෞඛ්‍ය ඒකකය අනතුරු අඟවයි.

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ld add copy

Connet With Us