කැම්පස් වලට තේරුණ සිසුන් සැප්තැම්බර් වන විට බඳවා ගන්න අමාරුයිලු

Published in පුවත්
Monday, 24 August 2026 09:27

2025 වසරේ උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලවලට තේරී පත්වුණු සිසුන් සැප්තැම්බර් මස වන විට බඳවා ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදුන්නද එය කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාරිය රුචික ප්‍රනාන්දු පවසයි.

මේ වන විටත් විශ්වවිද්‍යාල සියල්ල සිසුන්ගෙන් පිරී පවතින අතර අදටත් දරුවන් වසරක පමණ කාලයක් එළියේ සිටින බවත්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විශ්වවිද්‍යාල හැරයාම නිසා ඇති වී තිබෙන පුරප්පාඩු මෙන්ම ගැටලු රැසක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඔහු පවසයි.

මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ විශ්වවිද්‍යාල තුළ පවතින ඉඩකඩ සීමාවීම හේතුවෙන් 2025 උසස්පෙළට මුහුණ දුන් ශිෂ්‍යයන් මෙම සැප්තැම්බරයේ බඳවා ගැනීමට නොහැකි බවයි.

මේ අතර එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසූයේ, මේ වන විට බඳවාගෙන තියෙන්නේ 2023 උසස් පෙළ කරපු කණ්ඩායම් පමණක් බවයි. 2024 සහ 2025 කණ්ඩායම් ඇතුළට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවත්, 2026 උසස් පෙළ කණ්ඩායමත් ආවොත් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් එළියේ සිටින බවත්ය.

ඔවුහු මේ බව පැවසූයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මෙසේද පැවසීය.

විශ්වවිද්‍යාල දැනටමත් පිරිලා තියෙන්නේ. සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න තියෙනවා. ආචාර්යවරුන්ට මේ අවස්ථාවේදී ඉගැන්වීම් කටයුතු කරන්න බොහොම අපහසුයි. ඒ නිසා බඳවා ගැනීම සහ රඳවා ගැනීම ලොකු ගැටලුවක්. ඒකට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් යෝජනාවලිය ඉදිරිපත් කරලා අවුරුදු එකහමාරක් ගතවෙලත් එය ක්‍රියාවට නන්වන්න සහ මේ ප්‍රශ්න විසඳන්න රජය මැදිහත්වෙලා නෑ.

මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මෙසේ පැවසීය.

මේ ආණ්ඩුව බලයට එද්දි මල් වට්ටියේ තියලා අරන් ආවේ අධ්‍යාපනය. පහුගිය වසර ගණනාව තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බරපතළ විදිහට විශ්වවිද්‍යාල හැර ගියා. පහුගිය කාලෙම සාකච්ඡා කරාට ඒ සාකච්ඡා කිසිම ප්‍රතිඵලයක් නැති තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. මේ වෙද්දි රජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට එමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඉහළට එමින් තියෙනවා. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපනය නගා සිටුවීමද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. සමහර පීඨවල කණ්ඩායම් හතරක් ඉන්න ඕනේ තැන්වල කණ්ඩායම් හයක් ඉන්නවා. මේ සියලුම ගැටලු හින්දා අපිට සිදුවෙනවා වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us