හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඊයේ (30) උදෑසන 6 වනවිට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා පහළ වැටී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමග ඇලුමිනියම් මිල වසර හතරකට පමණ පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන්හට සිදුවූ අකටයුතුකම් සම්බන්ධව පැමිණිලි දහස ඉක්මවා ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ප්ලාස්ටික් බෝතල් ඇතුළු නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල දැරිය නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බැවින් වෙළෙඳපොළේ පානීය ජල බෝතල්වල මිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගේ සංගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

දිවයිනේ පවතින උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Connet With Us