ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් හෙට

Published in පුවත්
Tuesday, 11 August 2026 09:34

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (12 වැනිදා) දහවල් පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (10 වැනිදා) දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කිරීමට අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් මීට දෙසතියකට ඉහතදී ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us