හයිවේ ගමන් කරන රථ වලට ආරක්ෂක ඛඳපටි පැලඳීමේ නීතිය ලබන මස සිට අනිවාර්යයි

Published in පුවත්
Tuesday, 11 August 2026 09:30

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම සියලුම මඟීන් ආරක්ෂක ඛඳපටි පැලඳීමේ නීතිය ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් පුරා වරින්වර ක්‍රියාත්මක කිරීම කල් දැමුණු බැවින් නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවැසීය.

නිෂ්පාදකයන් විසින් වාහනවල මැද ආසන සහ පසුපස ආසනවල ආසන පටි සකස් කර නොමැති වාහනවල ඒවා විධිමත්ව සකස් කර ගැනීම සඳහා මෙම සහන කාලය ලබා දුන් බවද ඔහු කීය.

මෙම සහන කාලය සීමාව ඉකුත් ජුනි මස 19 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත ලබන මස 19වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

එමනිසා තවදුරටත් එම කාල සීමාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවත්, ලබන මස 19 වැනිදා සිට මෙම නීතිය පිළිනොපඳින සියලු දෙනා දඩයකට යටත් වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ලබන මස 19වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන් පමණක් නොව සියලුම මඟීන් ද මෙම නීතියට යටත් වන අතර එය කඩ කරන්නේ නම් මඟියාටද දඩ මුදල් නියම වෙන බවත් සභාපති මංජුල කුලරත්න පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us