ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වෙයි.

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.

2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

විටින් විට වැසි

Published in පුවත්
Tuesday, 30 December 2025 07:56

උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

 ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ කොන්දේසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දේසි කඩ කළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්‍රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යවරයා සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.

ld add copy

Connet With Us