වායු දූෂණය නිසා සෑම වසරකම මෙරට පුද්ගලයන් 7000 ක් මරුට

Published in පුවත්
Thursday, 06 August 2026 09:35

පරිසර දූෂණය (වායු දූෂණය) හේතුවෙන් ඇතිවන රෝගවලින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 7000 ක් පමණ අකාලයේ මියැදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන කියයි.

වායු දූෂණය හේතුවෙන් ශ්වසන ක්‍රියාවලියේදී මිනිසුන් ශ්වසන රෝග, ඇදුම, හතිය ආදී රෝගවලට ගොදුරු වන බවත් ඊට අමතරව පෙණහලු රෝග, පෙණහලු පිළිකා, අංශභාග ආදී රෝගවලට ගොදුරු වන බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

වාතයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු මෙන්ම P.M. 2.5 ට අඩු සියුම් අංශු ආදිය ශ්වසන ක්‍රියාවලියේදී පෙණහලු තුළට කිඳා බැස රුධිරයට මිශ්‍රවන බවද ඇය පෙන්වා දෙයි.

වැඩිම වශයෙන් පරිසර දූෂණය (වායු දූෂණය) සිදුවන්නේ වාහනවලින් බවත් මීට අමතරව කර්මාන්ත ශාලාවලින් ගිනි තැබීම් සහ දරවලින් ඉවුම් පිහුම් කිරීම් ආදියෙන්ද වායු දූෂණය සිදුවන බවත් ශ්වසනය මගින් ශරීරගත වී විවිධ රෝගාබාධවලට ගොදුරු වන බවද වෛද්‍ය චාන්දනී විතාන කීය.

මේ තත්ත්වය හේතුවෙන් වායු දූෂණය අවම කරගැනීම සඳහා සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේදී අදාළ උපදෙස් අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාශයේ ඊයේ (5දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සමරවීරද මෙහිදී අදහස් පළ කළාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us