යලිත් බන්ධනාගාර කිහිපයක නොසන්සුන් තත්ව

Published in පුවත්
Friday, 07 August 2026 09:04

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.

රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.

මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා පවසයි.

සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිත කර තිබේ.

මේ අතර කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි

ආරංචි මාර්ග ‍‍‍‍ අනුව , ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බව සඳහන්

කෙසේ නමුත් අද උදෑනස යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව අති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us