භාණ්ඩවල අලෙවියේදී ලේඛන හෝ බිල්පත් ළඟ තිබීම අනිවාර්යයි

Published in පුවත්
Thursday, 20 August 2026 09:35

විකිණීමට, ගබඩා කිරීමට හෝ බෙදාහැරීමට තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයෙන්ම ළඟ තබාගත යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාවට දැනුම්දී තිබේ.

අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 83 යටතේ, නිෂ්පාදකයින්, ගබඩා හිමියන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ සියලුම වෙළෙඳුන් සඳහා මෙම නීතිය 2022 අප්‍රේල් 27 දින සිට ක්‍රියාත්මක වෙමින් පවති.

ඒ අනුව, බිල්පතක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය තොරතුරු වන්නේ, සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය සහ මිලදී ගත් මිල, භාණ්ඩයේ වර්ගය, ප්‍රමාණය සහ අදාළ නම් කාණ්ඩ අංකය යන තොරතුරුය.

“භාණ්ඩ තියෙනවා, හැබැයි කාගෙන් ගත්තද කියන්න බෑ” යන තත්ත්වය ව්‍යාපාරයකට විශාල අවදානමක් බව අධිකාරිය පවසයි.

විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා නිසි බිල්පතක් නොමැති වීමෙන් සැපයුම් මාර්ගය සොයාගැනීම අසීරු වේ.

එවැනි අවස්ථාවල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අදාළ වෙළෙන්දාගෙන් ආරම්භ කර තොග වෙළෙඳපොළ සහ ආනයනකරු දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට සිදුවේ.

වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම්වලදී මෙම ලේඛන පරීක්ෂා කෙරෙන අතර, නීතිය උල්ලංඝනය කරන අවස්ථාවලදී භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව අධිකාරිය අවධාරණය කරයි.

මෙම නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ නිසි ලෙස ලේඛන පවත්වාගෙන යමින්, වගකීමෙන් යුතුව ව්‍යාපාර කරන සාධාරණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම බව අධිකාරිය පෙන්වා දෙන අතර ලේඛන රහිත සහ හඳුනාගත නොහැකි නීති විරෝධී සැපයුම් මාර්ග හරහා භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමද මෙහි ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us