ශ්‍රී ලංකා පොලීසියට වසර 160යි ! පොලිස් පාපැදි සවාරියක් ඇරඹේ

Published in පුවත්
Tuesday, 01 September 2026 09:38

ශ්‍රී ලංකා පොලීසියට වසර 160ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන ‘පොලිස් පාපැදි සවාරිය’ අද (01) පෙරවරු 7.30ට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ වුණා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සංවිධාන කරන මේ පාපැදි සවාරිය අදියර තුනකින් සමන්විත වන අතර, එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 410ක්.

මත්ද්‍රව්‍යවලින් තොර නීරෝගි තරුණ පිරිසක් ඇති කිරීම, ශ්‍රී ලංකා පොලීසිය සහ රටේ තරුණ ප්‍රජාව අතර විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම ද තරුණයන් සමාජය සමග ධනාත්මකව සම්බන්ධ වීමට සහ නීතිය හා සාමය පවත්වා ගැනීමට දායක වීමට දිරිමත් කිරීම ද මේ තරගය සංවිධාන කිරීමේ අරමුණුයි.

පොලිස්පති අභියෝගතා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේ ආරම්භක දිනය වන අද (01) කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානයේ සිට පෑලියගොඩ, නිට්ටඹුව, වරකාපොළ, කුරුණෑගල සහ මැල්සිරිපුර හරහා දඹුල්ල නගරය දක්වා පැවැත්වෙන අතර, එහි දුර කිලෝමීටර් 141ක්.

හෙට (02) දඹුල්ලෙන් ආරම්භ වන දෙවැනි අදියර කිලෝමීටර් 137.4ක දුරක් ගමන් කරන අතර, පුත්තලමෙන් අවසන් වෙනවා.

එදින මරදන්කඩවල, තිරප්පනේ, අනුරාධපුර, නොච්චියාගම සහ කලාඔය හරහා පුත්තලම දක්වා තරගය ක්‍රියාත්මකයි.

තරගයේ අවසන් අදියර අනිද්දා (3) පැවැත්වෙන අතර, පොලිස් දිනය යෙදී ඇති එදින තරගය පුත්තලමේ සිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය දක්වා පැවැත්වෙනවා.

තරගය හලාවත, මාරවිල, මීගමුව, ජා-ඇළ, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හරහා බම්බලපිටිය දක්වා පැවැත්වෙන අතර, එහි දුර කිලෝමීටර් 132ක්.

මේ තරගයේ සමස්ත ශූරයාට රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් සමග පොලිස්පති අභියෝගතා ශූරතාව පිරිනැමෙනවා.

දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2ක්, තෙවැනි ස්ථානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් පිරිනැමෙන අතර, සිව්වැනි, පස්වැනි සහ 6 වැනි ස්ථානවලට පිළිවෙළින් රුපියල් 150,000, 125,000 සහ 100,000ක් හිමි වනවා.

7 සහ 8 ස්ථාන සඳහා රුපියල් 75,000ක් සහ 50,000ක් පිරිනැමෙන අතර, 9 සහ 10 වැනි ස්ථාන වෙනුවන් රුපියල් 25.000ක් බැගින් ප්‍රදානය කෙරේ. 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රු. 15,000 බැගින් ද, 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රු. 10,000 බැගින් ද හිමිවන අතර, තරගය නිමා කරන සියලු තරගකරුවන්ට ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබෙනවා.

මෙහි සමස්ත ශූරයාට අමතරව, ස්ප්‍රින්ට් ශූරයා, හොඳම තරුණ ධාවකයා (අවුරුදු 23ට අඩු) සඳහා ත්‍යාග පිරිනැමෙන අතර, ඒ ඒ අදියරවලදී අදියර ශූරයා, කඳු ශූරයා සහ තරුණ ධාවකයාට ද ත්‍යාග ප්‍රදානය කෙරේ.

-ITN NEWS

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us