රජරටට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි කුට්ටම් පොකුණේ ජලය අඩිය පෙනෙන මට්ටමට සිඳී තිබේ. පළමුවැනි අග්ගබෝධි රජ දවස ඉදිව ඇති මෙම පොකුණු යුගල අඩි 18ක ගැඹුරකින් යුක්තය.

අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික පාසල්වල ගුරුවරුන් එකොළොස් දහසකගේ ස්ථාන මාරු අනුමත කෙරෙන මාරු මණ්ඩලවලින් ගුරු වෘත්තිය සංගම් ඉවත් වී තිබේ.

2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

අද සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් නැවත ඇතිවීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහයට දීර්ඝ බාධා ඇතිවීමේ අවදානම වැඩි වී තිබෙනවා.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Page 4 of 1988

ld add copy

Connet With Us