මෙම පත්වීමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී, ජනාධිපතිවරයා විසින් එම පත්වීම අනුමතකර ඇති බව තහවුරු කර තිබේ.
පත්වීමට අදාල දැනුම්දීම ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත නිකුත්කර ඇතැයි එම නිලධාරියා සඳහන් කලේ. එසේම ඔහුට මෙම පත්වීම බාර ගන්න ලෙස ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවයි වාර්තා වෙන්නේ.


