පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට මේ මාසය අවසානයට පෙර නඩු - මහජන ආරක්ෂක ඇමැති

Published in පුවත්
Wednesday, 21 July 2021 11:10

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැකකරුවන්ට මේ මස අවසන් වීමට පෙර නඩු පවරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

නඩු පැවරීම්වලට අදාළ කටයුතු සිදු කරමින් පවතින බව, තමන්ට නීතිපතිවරයා දැනුම් දුන් බව කී ඒ් මහතා කුඩා හැඩැසකින් හෝ අපරාධ කරුවෙක්ට රිංගා යෑමට ඉඩ නොදී එම කටයුතු සිදු කරන බවද කීවේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වයකු ඇතුළු 50 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මාසයක පමණ කාලයක් නඩු පැවරීම්වලට අදාළව කටයුතු කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මේ වන විට මාවනැල්ල බුදු පිළිමවලට හැනි කිරීමේ සිද්ධියට අදාළව සහ වනාතවිල්ලුව පුපරණ ද්‍රව්‍ය ගබඩාවේ සිද්ධියට අදාළව 42 දෙදෙනකුට නඩු පවරා අවසන් අතර, පාසුක් ප්‍රහාරයට අදාලව 724ක් අත්අඩංගුවට ගෙන 200කට අධික පිරිසක් රැඳවුම් භාරයේ රඳවා සිටියි.

එමෙන්ම ප්‍රහාරයට අදාළ සාක්ෂි 21000න් පමණ සමන්විත අතර ත්‍රස්තවාදීන්ට අයත් බව කියන ගිණුම් 100ක් පමණ අත්හිටුවා ඇත. ඔවුන් සතුව තිබූ රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමකින් යුත් රන් හා මැණික්ද පොලිසිය භාරයට ගෙන ඇත.

එමෙන්ම පාස්කු ප්‍රහායට පෙර වසර 2018 දී පමණ සහරාන් හෂීම්ට අයත් තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධානවලට විදේශයන්හි සිට මුදල් රුපියල් කෝටි ගණනින් එවූ බව කියන විදේශයන්හි සිටි ත්‍රස්ත සාමාජිකයන් 15ක් මේ වන විටත් අන්තර්ජාතික පොලිසියෙන්හි සහාය ඇතිව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නඩු පැවරීම් ඉතා සියුම්ව පුද්ගලයාගෙන් පුද්ගලයාට සොයා බලමින් සිදු කළ යුත්තක් වන අතර මේ වන විට විමර්ශන අවසන් බැවින් ඉදිරි සති කිහිපය තුළ නඩු පැවරීම් සිදු කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවැසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දින 210කට අධික කාලයක් රැස්වී එහි නිර්දේශ මේ සඳහා යොමු කර තිබූ අතර, ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019 ඔක්තෝබර් මස 30 වැනි දින ආරම්භ කර‍ සාක්ෂිකරුවන් 1570ගේ ප්‍රකාශ සටහන් කර ‍ හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු ලේකම්වරුන්, හිටපු පොලිස්පත්වරයා. හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරුන්, බුද්ධි නිලධාරීන් මෙන්ම ත්‍රස්තවාදීන්ගේ ඥාතින්ගේ මෙන්ම විශේෂඥ සාක්ෂිද විමසා ඇත.

පාස්කු ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයංඝාතක බෝම්බකරුවන් වන ජාතික කවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිය වන මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින මොහොමඩ් ෆාතිමා හාදියා, ජමීල් ගේ බිරිය වන ෆාතිමා ෂිහානා ඕමාර් කත්තා යන අය ඇතුළු පිරිසක්ද සාක්ෂි දීම සිදු කර ඇත.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us