ගම්බිරිගස්වැව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ඇරඹේ!

Published in පුවත්
Saturday, 17 July 2021 11:29

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රථිපත්තියට අනුව අනුරාධපුර ගම්බිරිගස්වැව ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් බඩඉරගු සංසදය, දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් ගම්බිරිගස්වැව කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.

ගම්බිරිගස්වැව ප්‍රදේශයේ බඩඉරගු, උදු හා තල වැනි ගොඩ භෝග වගාව බහුලව සිදු වන අතර, එම වගාවන් සඳහා අවශ්‍යය වන කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සමාරම්භ කිරීම මෙලෙස සිදු විය. එහිදී ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුහුණුවක්ද ලබා දී ඇත.

ගොවීන් එහිදී කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා ජපන් ජබර, ඇල්බීසියා ශාක ඉතා පහසුවෙන් සපයා ගත හැකි වූවද, කුකුල් පොහොර, ගව මූත්‍ර හා ගොම ඇතුළු සත්ව පොහොර සපයා ගැනීමේ අපහසුතා පවතින බව ගොවීන් පෙන්වා දුන්හ.
එබැවින් එම සත්ව පොහොර සපයා ගැනීමට රජය මැදිහත් විය යුතු බවද ගොවීන් පෙන්වා දුන්හ. ප්‍රමිතියකින් තොර පොහොර නිෂ්පාදනය වීමෙන් ඵලක් නැතැයි ගොවීන් පවසා ඇත.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වානේ ගොවීන් හදන කාබනික පොහොර, පොහොර සමාගම් විසින් අරගෙන ඒවායේ අඩංගු වෙලා නැති නමුත් අත්‍යවශ්‍ය සංඝටක එකතු කරනවා කියලා.එහෙම වැඩසටහනක් තියෙනවාද ?

එහිදී අදහස් දැක්වූ ගොවිජන සේවා නිළධාරීන් කියා සිටියේ, අපිට ඇත්තටම කිසිම පුහුණුවක් මේ වන තෙක් ලැබිලා නෑ, ලබන සතියට යොදා ගෙන තියෙනවා.නමුත් තාමත් ලැබිලා නෑ යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ හැමතැනම පොහොර හැදුවා කියලා ප්‍රමිතියක් නැත්නම් මේ වැඩේ වැඩක් නැති වෙනවා. යැයි පැවසීය.

අනතුරුව අමාත්‍යයතුමන් කාබනික පොහොර නිෂ්පාදනය සමාරම්භ කරමින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට පොස්පේට් පොහොර එකතු කරනු ලැබීය.
අමාත්‍යයතුමන් කොම්පෝස්ට් සදහා ශාඛ කුඩා කොටසක් වලට අඹරන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයද නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික ලේකම් කවින්ද දිසානායක, ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ හිටපු සභාපති උපාලි අනුරාධ දිසානායක මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us