සිනොවැක් එන්නත මෙරට භාවිතයට අවසර හිමිවේ !

Published in පුවත්
Saturday, 17 July 2021 10:41

ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත සඳහා ලැබී තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවස්ථාව හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර මෙරට දී භාවිත කරන සියලු කොරෝනා මර්ධන එන්නත් වල කර්යක්ෂම තාව සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කරයි.
දැනට භාවිතා කරන සෑම එන්නතක් පිළිබඳවම පරීක්ෂණ සිදු කරන බව සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසයි. තවද අවසන් වාර්තාවක් සකස් කර එය ප්‍රසිද්ධ කරන බව ද ඔහු සඳහන් ක‌ළේ ය.

මේ අතර කොරෝනා වෛරසයේ වෙනස් වීම මෙන්ම මෙරට ව්‍යාප්ත වී ඇති නව ප්‍රභේද පිළිබඳ සෙවීමට ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us