මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිවයිනට !

Published in පුවත්
Friday, 16 July 2021 10:41

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ.

මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
කොවිඩ්‍ 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට ඇත.

අදාළ මාත්‍රා තොගය පළමුවෙන් ඇමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ යානයක් මගින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ. මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කෙරුණු අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය රැගෙන යෑමටයි පියවර ගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us