කෙරවලපිටියට ගෑස් විදුලි බලාගාරයක් !

Published in පුවත්
Friday, 16 July 2021 10:10

කොළඹට උතුරින් පිහිටි කෙරවලපිටියේ මෙගාවොට් 350ක ගෑස් බලයෙන් ක්‍රියාකරන විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ එල්ටීඑල් සමාගම සමග එක් වූ බව එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්රස් බලශක්ති සමාගම'(New Fortress Energy) පවසා තිබෙනවා.

ස්වාභාවික වායු පර්යන්තයක් ඉදිකිරීම සඳහා කෙරවලපිටියේ යුගධනවී බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් එක්සත් ජනපද සමාගමකට අලෙවි කළ බව ප්‍රකාශයට පත්වීමත් සමග ‘නිව් ෆෝට්රස්’ සමගම මේ බව නිවේදනය කර ඇත.

මෙගාවොට් 350ක විදුලි බලාගාරයක් “ඒකාබද්ධව සංවර්ධනය කිරීම” සඳහා ශ්‍රී ලංකාවේ එල්ටීඑල් සමූහයේ අනුබද්ධ ආයතනයක් වන ‘ලක්දනවි ලිමිටඩ්’ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව ‘නිව් ෆෝට්රස්’ සඳහන් කරයි.

“මෙම හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලංකාව පිරිසිදු හා ලාභදායී බලශක්තිය කරා මාරුවීම වේගවත් කිරීමට උපකාර කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”යැයි නිව් ෆෝට්රස් බලශක්ති සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් එඩන්ස් පවසා ඇත.
මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් එල්එන්ජී(LNG) ද්විත්ව ඉන්ධන බලාගාරයක් සඳහා එල්ටීඑල් සමාගම මේ වන විටත් ශ්‍රී ලංකා රජය සමග වසර 20 ක බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us